සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍යවලට වැරදිකරුවන් වූ පුනරුත්ථාපන ලාභීන්  රටට  අත්‍යාවශ්‍ය පුද්ගලයින් කරන  දැනුමක් දෙනවා…

පුනරුත්ථාපන කොමසාරිස්  ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි

by editor
පෙබරවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මත්ද්‍රව්‍ය සම්බන්ධව අධිකරණයෙන් වරදකරුවන් වී වැලිකන්ද සේනපුර පුනරුත්ථාපන  මධ්‍යස්ථානයේ වසරක කාලයක් වෘත්තීය පුහුණුව ලබන රැඳවියන්  සමාජයට අත්‍යාවශ්‍ය පුද්ගලයින් කිරීම සඳහා ගලවා ගැනීමේ සේවකයෙක් ලෙස පුහුණුව ලබා දෙන බව පුනරුත්ථාපන කොමසාරිස්  ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි   පැවසීය.

වැලිකන්ද සේනපුර තෘතීයක හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ දින 12ක් කාලයක්  ජීවිත ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ පුහුණුව ලැබූ පුනරුත්ථාපන ලාභීන් සඳහා එම මධ්‍යස්ථානයේ දී 14  සහතික පත්‍ර ප්‍රදානයට  ප්‍රධාන  ආරාධිතයා වශයෙන් එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට තෘතීයක හා වෘත්තීය සාක්ෂරතා පුහුණු  මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කර්නල් ඒ. කේ. සී. එස්.සිල්වා, ජීවිත ආරක්ෂක සංගමයේ සභාපති අසංක නානායක්කාර  ඇතුළු යුද හමුදාවේ උසස්  නිලධාරින්  එක්ව සිටියහ.

එහිදී  පුනරුත්ථාපනලාභීන් අමතා කතා කළ  පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන  හෙට්ටිආරච්චි  මෙසේද කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ලංකාවේ දැනට රිය අනතුරුවලින් සෑම දිනකම අටක් පමණ මිය යනවා. ඉන් පසුව ජීවිත නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි දියේ ගිලී මිය යෑම සහ වෙනත් හදිසි අනතුරු.

එසේ අනතුරට පත්වන  ජීවිත බේරා ගැනීම සමාජයට ලොකු මෙහෙවරක්. ඒ වගේම ආගමානුකූලව ගත්තොත් ලොකු පිනක්.  ඒ පුහුණුව තමයි අපි පුනරුත්ථාපනලාභීන්ට මේ ලබා දෙමින් සිටින්නේ.   මේ   පුනරුත්ථාපන  මධ්‍යස්ථානයට එන සෑම කෙනකුටම අපි ජීවිතාරක්ෂක පුහුණුව ලබාදී දුන්නොත් ලොකු පිරිසක් අපිට   අනතුරුවලින් මුදවා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉන්  රටට විනයගරුක නීතිගරුක පිරිසක් බිහි වෙනවා වගේම ඕනෑම  ආපදා අවස්ථාවකට  මුහුණ දිය හැකි පෞරුෂයක් සහිත  පිරිසක් සිටිනවා.    අපි මේ පුනරුත්ථාපනලාභීන් ඔවුන්ගේ පවුල්ට පමණක් නොව රටට ඕන පිරිසක් බවට පත් කිරීමේ පුහුණුව තමයි මේ ලබා දුන්නේ.

සමාජයේ යම් කිසි කෙනෙක් අනතුරුකට මුහුණපාලා සිටින අවස්ථාවක මේ අය ඉදිරිපත් වෙලා ඒ ජීවිත බේරා ගැනීමත් මේ කාර්යයෙන් සිද්ධ වෙනවා.   සමාජයේ නිතරම  කුඩ්ඩා,කුඩ්ඩා කියලා කොන්  කළාට ඉදිරියේදී මේ අයත් සමාජයට අත්‍යවශ්‍ය පුද්ගලයෝ බවට පත් කිරීම් තමයි අපේ අරමුණ.

මෙම අවස්ථාවට, වැලිකන්ද සේනපුර  තෘතීයක හා වෘත්තීය සාක්ෂරතා පුහුුණු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය. මෙන්ම පුනරුත්ථාපනලාභීන් රැසක් එක්ව සිටියහ.

Share69Tweet43
Previous Post

ගෝලීය ත්‍රස්වාදීන්ගේ අරමුදල් එහා මෙහා ගෙනයන චීන බැංකු

Next Post

“සියයට 25 අධිභාරය ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් එකෙන් ගන්නේ නෑ” – මුදල් ඇමති

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.