අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුපිරි ලෝකයේ මත්ද්‍රව්‍ය සැණකෙළියක දී කොටු වුණු ශාරුක්ගේ පුතාගේ කතාව…

by editor
ඔක්තෝබර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත් අඩංගුවට ගත්තේය. ඒ කතාව අද ඉන්දියාව කැළඹුවේය.

ශාරුක් යනු යහපත් ජීවිත පැවැත්ම නිසා ප්‍රතිරූපයක් ගොඩනගා ගත් කලා කරුවෙකි. හෙණයක් වැදුනාක් බඳු මේ සිද්ධිය නිසා ඉන්දියාවේ ශාරුක් රසිකයන් කම්පනයට පත් වූයේය.

ශාරුක් ගේ පුත් ආර්යන් ඛාන් අත්අඩංගුවට පත් වන්නේ  මුම්බායි නගරය ආසන්න මුහුදේ සුඛෝපභෝගී නෞකාවක පැවති සාදයක දීය. ඒ අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසිනි. ශාරුක් ඛාන්ගේ පුත් ඇතුලු තවත් අටදෙනෙක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

සුරූපී මුන්මුන් ධමේචා

Munmun-Dhamecha
සුරූපී මුන්මුන් ධමේචා

ඒ අතර සුරූපී යොවුන් නිරූපිකාවක් වන මුන්මුන් ධමේචා විය.   අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 08කි.   ඔවුන්ව වෛද්‍ය පරීක්‍ෂණ  සඳහා රැගෙන ගොස්  නැවත මුම්බායි හි මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය වෙත ගෙන එන විත් තිබිණි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඉන්දීය ආරංචි මාර්ග කියන ආකාරයට මේ අහම්බෙන් කළ කඩා පැනීමක් නොවේ. සති දෙකක්  තිස්සේ මේ තරුණයන්ගේ හැසිරීම සම්බන්ධව ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විමර්ශනයක යෙදී සිට ඇත.

” මෙම රහසිගත මෙහෙයුම සිදු කළ නැවේ මත්ද්‍රව්‍ය සාදය ගැන ඉතා රහසිගත  තොරතුරක්  දින 15 කට පෙර අපට   ලැබුණා. රඳවාගෙන සිටින අයට එරෙහිව අපට සාක්ෂි  තිබෙනවා. නැවේ මෙම සාදය සංවිධානය කළ පුද්ගලයින්ටත් මෙම පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වෙනවා. ඔවුන්ට පරීක්ෂණ වලින් ගැලවෙන්න බැහැ, ” ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍යයට කියා තිබිණි.

වැටලීම.

සාදය පිළිබඳ සියලු තොරතුරු සොයා ගත් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් මගීන් ලෙස මෙම සුඛෝපභෝගී නෞකාවට ගොඩ වී තිබිණි. නෞකාව ගොඩබිමින් පිටත් වී ටික දුරක් ගිය පසු   සාදය ආරම්භ වී තිබිණි.   සාදයට පැමිණි පිරිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ආරම්භ කළහ.  සියලු දේ නිරීක්ෂණයේ පසු වූ ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීහු අවසානයේ දී මෙම නිශ්චිත වැටලීම කළහ.

තරුණයන් අතේ තිබුණු බවට ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය වාර්තා කළ මත්ද්‍රව්‍ය  ලයිස්තුව නැවත වරක් ඉන්දියාව තිගැස්සුවේය.    වැටලීමේදී එක්ස්ටසි, කොකේන්, මෙෆෙඩ්‍රෝන් සහ චරාස් ඇතුලු මත්ද්‍රව්‍ය  තිබණු බව කියැවිනි.

සාදය එසේ මෙසේ සාදයක් නොවූ බව ඉන්දීය මාධ්‍ය කීවේය.  එය විවෘත වී තිබුණේ අතිශය සුපරි පන්තියකටය. සාදයට ඇතුලු වීමට පමණක් ඉන්දීය රුපියල් ලක්ෂයක මුදලක් අය කර තිබුණු බව ඉන්දීය මාධ්‍ය හෙළි කළේය. මේ සාදය සංවිධානය කළ හය දෙනෙක් ද දැන් අත්අඩංගුවේය.

Aryan-Khan-
ආර්යන් ඛාන්

ශාරුක්ගේ පුත් ආර්යන්  වැටලීම සිදු කරන අවස්ථාවේදී සාදයට එක‍් වූ පිරිස අතර සිටියේය.  ආර්ය ඛාන්ගේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට හෝ පරිභෝජනයට සම්බන්ධ බවට කිසියම් හෝ හෝඩුවාවක් තිබේදැයි පරීක්‍ෂා කිරීම සඳහා ඔහුගේ දුරකථනය අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කර තිබිණි. ඔහුගෙන් විශේෂ කට උත්තරයක් ගෙන තිබිණි.  ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ආර්යන් ඇතුළු පිරිස අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

ශාරුක් ඛාන්ගේ බිරිය සහ ඔවුන්ගේ නීතිඥයා එම ස්ථානයට පැමිණ සිට ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර සුප්‍රකට නලු සුනිල් ශෙට්ටි ප්‍රසිද්ධ ප්‍රකාශක් කරමින් පවසා තිබුණේ ආර්යන් තවම දරුවෙක් බවත් ඔහුට හුස්ම ගැනීමට ඉඩ දෙන ලෙසත්ය. “ මත්ද්‍රව්‍ය සම්බන්ධව අත්අඩංගුවට ගැනීමකදී  පිරිසක් අත්අඩංගුවට පත් වෙනවා. ඔවුන් මත්ද්‍රව්‍ය අරගෙන නැද්ද කියන වාර්තා තවම ලැබිලා නෑ. එතකම් ඉවසන්න. මොකද මාධ්‍ය බොලිවුඩයේ යමක් සිදුවුනාම ඉතාම උනන්දුයි. ඔවුන් තීන්දුවලට ඉක්මනින් එනවා.“ සුනිල් ශෙට්ටි වැඩිදුරටත් කියා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය විදේශ ලේකම් ගිය ත්‍රිකුණාමලේට – විමල්, ගම්මන්පිල ඇමතිවරු කලින්ම යති

Next Post

රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ අභාවප්‍රාප්ත වෙයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.