අද (11) අලුයම 1.30ට පමණ මඩකලපුව වෙරළට ඊසාන දිගින් කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූකම්පනයක් හටගෙන තිබේ.
රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් එම භූ කම්පනයේ වාර්තා වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේය.
එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව එම කාර්යාංශය දන්වා සිටියේය.







