දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවන් උල්ලංඝණය කරමින් මෙරටට ඇතුළු වූ ඉන්දීය යාත්‍රා ඇතුළු යාත්‍රා 185 ක් මානූෂීය පදනමක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දෙවානන්දා ඊයේ (10) දා පැවසීය.
ජාත්‍යන්තර මුහුදේ ධීවර රැකියාවේ නිරත ශ්‍රී ලංකා ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළ අතර මේ මස අවසන් වන විට එම යාත්‍රා සියල්ලම නිදහස් කරණ බවටද දන්වා තිබේ.
විදුලිය නොමැතිකම නිසා බෝට්ටුවේ සවිකර ඇති නිරීක්ෂණ උපකරණ ක්‍රියා විරහිතවන අවස්ථා ඇති අතර එවැනි අවස්ථාවලදී මුහුදු සීමාවන් උල්ලංඝණය විය හැකි බව පිළිගෙන එම යාත්‍රා නිදහස් කරණ බවත් මින් ඉදිරියටත් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවන් වෙනත් රටවල යාත්‍රා විසින් ආක්‍රමණය කරන්නේ නම් එම යාත්‍රා සියල්ල රාජසන්තක කිරීමටත් එම යාත්‍රාවල සේවකයින්ට නීති මගින් දැඩි දඩුවම් ලබා දීමටත් හැකි වන පරිදි නීති සංශෝධනය කරණ බවත්අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.
ජාත්‍යන්තර නීති රීති වලට අනුව එවැනි යාත්‍රාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් බොහෝ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ඇති කරගත හැකි බවද ඩග්ලස් දේවාන්නන්දා අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ.
ශ්‍රී ලංකාවේ සියලුම ගැඹුරු මුහුදේ ධීවර යාත්‍රා ජාත්‍යන්තර නීතියට අනුව VMS (VMS) ක්‍රමයන් ඔස්සේ නිරීක්ෂණය කිරීමේ කටයුතු වඩාත් පුළුල් කරණ බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කොට ඇත.
ජාත්‍යන්තර මුහුදේ නීති විරෝධි ලෙස කටයුතු කරණ යාත්‍රා ඉතා ස්වල්පයක් නිසා ශ්‍රී ලංකාවේ නාවික හා ධීවර කර්මාන්තය විනාශ වීමට ඉඩ තැබිය නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කොට තිබේ