බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඩකලපුව පුරාවිද්‍යා ස්ථාන හඳුන්වන නාම පුවරු ගලවපු සියලු දෙනා ගැන නීතිය ක්‍රියාත්මකයි… ප්‍රශ්නය විසඳීම රජයට භාර දෙන්න… සංස්කෘතික කටයුතු ඇමති රටෙන් ඉල්ලයි!

by editor
නොවැම්බර් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මඩකලපුව දිස්ත්‍රික්කයේ යම් සංවිධානගත පිරිසක් විසින් පුරාවිද්‍යා නාම පුවරු ගලවා දමා රැගෙන යාම සිදුකර ඇති බවත්, ඒ සම්බන්ධව පට්ටිපොළ සහ කොක්කඩිචෝලේ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවත් බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි ඊයේ සඳහන් කළේය.

ඔහු කීවේ මේ සම්බන්ධව පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජයපාල දැනුවත් කර ඇති බවය.  මේ සම්බන්ධව  නිසි විමර්ශනයක් කරමින් වගකිය යුත්තන් නීතිය හමුවට පැමිණීමේ කටයුතු සිදු කරන බව, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහතික වුනේය.

ඊයේ (23)  රාත්‍රියේ මනම්පිටිය පොලිස් ස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අචාර්ය සුනිල් සෙනවි පෙන්වා දුන්නේ  පුරාවිද්‍යා ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් සෙනෙවි මහතා මෙසේද කීය.

“මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධව යම් කලබලයක් ඇතිවෙලා තිබෙනවා, කාලයක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරා විද්‍යා  ස්ථාන සහ පුරා වස්තු තිබෙන ස්ථාන පෙන්වලා  නාමපූවරු හා සංඥා පුවරු  ඉදි කරනවා,

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මඩකලපුව දිස්ත්‍රික්කයෙක්  මෙබඳු සංඥා පූවරු ඉදිකිරීම නොවැම්බර් තුන්වෙනිදා ඉඳලා ආරම්භ කළා. , සාමාන්‍යයෙන් ඒක දෙපාර්තමේන්තුව විසින් කරගෙන ආ ව්‍යාපෘතියක්. මේ ප්‍රදේශයේ බාර අපේ මඩකලපුව අම්පාර පුරාවිද්‍යා  සහකාර අධ්‍යක්ෂතුමා මේකට මැදිහත් වුණා.”

මේ ව්‍යාපෘතිය පවත්වාගෙන යද්දි  අපිට දැන ගන්නට ලැබුණා යම් සංවිධානාත්මක පිරිසක් මේ රජයේ දේපොළවන මෙම  නාම  පූවරු ගලවා දමා පටවාගෙන යෑමක් සිද්ධ කරනවා බව, මේ ආකාරයට ස්ථාන හතරක එක සිද්ධ වුණා. “

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාලච්චේන  පොලිසියේ එක පැමිණිල්ලකුත්, පට්ටිපොළ කොක්කඩිචෝලේ තවත් පැමිණිල්ලකුත් කරලා තියෙනවා. මම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය   දැනුවත් කරලා තියෙනවා. ,එතුමියත් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජේපාල  වහාම පොලිසියට උපදෙස් ලබාදීලා තිබෙනවා නිසි විමර්ශනයක් කරලා වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන්න.

පුරාවිද්‍යාව සහ පුරාවස්තු ආරක්ෂා කිරීම රජයේ වගකීමක්. ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරිලා තිබෙනවා, මට දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ පළාත් පාලන ආයතනවල අවසර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නෑ කියලා මේ පූවරු සවිකරන්න, ඒක කාලාන්තරයක් තිස්සේ කරගෙන යන කටයුත්තක්.

ඉතාම පැහැදිලියි මේක පිටුපස්සේ තියෙන්නේ දේශපාලන උවමනාවක්. අහිංසක මිනිස්සුන්ට පළාතේ පුරවැසියන්ට මේක උවමනා දෙයක් නෙවෙයි. මේක රජය තේරුම් අරන් තියෙනවා, අපි පැහැදිලිව කියනවා මෙබඳු කටයුතුවලින් වැළකිලා සිටින්න කියලා.  රජය මේ සම්බන්ධව විධිමත් වේගයෙන් කටයුතු කරන බව පැහැදිලි කරන්න ඕනේ. ඉතාම කෙටි කාලයක් ඇතුළත පොලිසිය සමත් වේවි මේ නීති විරෝධි කටයුත්ත කරපු අය නීතිය හමුවට පමුණුවන්න.

එතෙක් මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු කලබලයක් ඇති කර ගැනිමට අවශ්‍ය නැහැ, රජය මේවා බලා ගන්නවා, රජයක් පත් වෙලා තියෙන්නෙ බුදු සසුන ආරක්ෂා කරන්න.  පුරාවිද්‍යා ස්ථාන ඇතුළු මේවා රැකගන්න.  අපි ඒක ඉතාමත්ම වගකීමෙන් කරන බව කියනවා.

ඒ නිසා මඩකළපුවේ සිදුවීම පොලිසිය හා නීතිය ඉදිරියේ තියෙන්නේ. දිනක් අපට ඇතුළත පුළුවන් වේවි නීතිය හමුවට වගකිව යුත්තන් පමුණුවලා මේ ගර්හිත කටයුත්ත කළේ  කවුද කියලා රටට හෙළිදරව් කරන්න.” යැයි ද සුනිල් සෙනෙවි අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රේණිගත කිරීම්වල තමන්ට වඩා අඩු කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව අවසන් තරග 10ම පරාදයි… සනත් ෆේල්… උපුල් කෙළියොත් පිස්සු… කොන්දක් නැති මැනේජර් හලංගොඩටත් චෝදනා ගොන්නක්!

Next Post

රටේ ප්‍රාන්ත රාජ්‍ය නෑ… තියෙන්නේ එක රටක්… එක නීතියක්… නැගෙනහිර පුරාවිද්‍යා ස්ථානවල නාම පුවරු ගැලවූ සියල්ලන්ටම තදින් නිතිය ක්‍රියාත්මකයි! 

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.