සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මට උන අසාධාරණය කිසිම කෙනෙකුට කරන්න එපා… මම ගත්තේ නීති විරෝධී වාහනයක් කියලා තුන් හිතකින්වත් හිතුවෙ නෑ… ජගත් විතාන පාර්ලිමේන්තුවේ දී සංවේදී වෙයි!

by editor
ජූලි 22, 2025
in පුවත්
jagath-withana
Share on FacebookShare on Twitter

බැංකු ණයක් ගෙන මිලදී ගත් හිටපු ඇමතිවරයෙකු, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සම්බන්ධ වාහනයක් තමන් මිලදී ගන්නේ ඒ වාහනය සම්බන්ධව කිසිම සැකයකින් නොවන බවත්,  පාර්ලිමේන්තුවටත් අවස්ථා 10කට වඩා පැමිණ ඇති මේ වාහනය සම්බන්ධව සැකයක් ඇතැයි තමන්ට දැනුම් දුන්නා නම් තමන් ඒ වාහනය රැගෙන ගොස් විමර්ශන අංශවලට භාර දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන අද (22) පාර්ලිමේන්තුවේ දී අතශය සංවේදී වෙමින් පැවසුවේය.

රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් ජගත් විතාන මිලදී ගත් එම වාහනය නීති විරෝධි එකක් බව තමන් කිසිසේත් නොදැන සිටි බව පැවසූ මන්ත්‍රීවරයා එම වාහනය මිලදී ගෙන දින 04ක් ඇතුළත මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තම සමාගම නමට ලියාපදිංචි වී ලියකියැවිලි ටික ලැබුණුනම් තවත් මොනවාදැයි ඔහු විමසුවේය.

මන්ත්‍රීවරයා කීවේ මේ අත්අඩංගුවට ගැනීම ඉතාම සාහසික එකක් බවය. තමන්ට මෙය දරාගත හැකි වුවත් මෙවැනි අසාධාරණයක් කිසිම සාමාන්‍ය පුද්ගලයෙකුට සිදුනොකරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන අද කී කතාව මෙසේය.

මම ලොකු පීඩනයකින් ඉන්නෙ. මම ලොකු කම්පනයකින් ඉන්නේ. මම වාහනයක් ගත්තා පාවිච්චි කරපු වාහනයක් මේ ලඟදි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

සිකුරාදා හවස පොලිසියෙන් ඇවිත් මගේ පුතා වාහනය පදවාගෙන එනකොට අත් අඩංගුවට ගත්තා. ඒක මුලු රටටම පෙනෙන්න ඇති. ඒක ඉතාම අසාධාරණ අත් අඩංගුවට ගැනීමක්. මම පාර්ලිමේන්තුවට ඒ වාහනයෙන් දහ පාරක් විතර ඇවිත් තියනවා. අඩුතරමින් මට දුරකථන ඇමතුමක් දුන්නා නම් මන්ත්‍රී තුමා ප්‍රශ්නයක් තියනවා වාහනේ කියලා මම ගිහින් භාර දෙනවා වාහනේ. භාර දීලා මට නිදහසට කරුණු කියන්න තිබුණා.

මම ගත්ත වාහනේ මේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකුගෙන් සහ වර්ථමාන මන්ත්‍රීවරයෙකුගෙන් ගත්තේ. මම මේ මන්ත්‍රීතුමාට ටෙලිෆොන් කෝල් එකක් දුන්නා. මට මෙහෙම අසාධාරණයක් උනා මැති තුමා කියලා.

ඔව් මම දන්නේ නෑ මේ වෙච්චි දේ පිළිබඳව කියලා. එයාගේ දුව ගත්තු වාහනය මගේ පුතාට අයිතිවාසිකම ලැබිලා ආර්.එම්.වී එකේ රෙජිස්ටර් වෙලා මගේ පුතා අද හිරබත් කනවා. මම ඊයෙ පුතාව බලන්න ගිහින් ආවේ. පුතා ප්‍රතික්ෂේප කරනවා විශේෂ වරප්‍රසාද ලබා ගන්න.

මම හරි වේදනාවෙන් ජීවත් වෙන්නේ. මම කිව්වා මාව ගන්න කියලා. මමයි වාහනය අයිතිකරු. මේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා. මාව ගන්න කියලා. මාව අත් අඩංගුවට ගත්තේ නෑ . මගේ ඉස්සරහම මගේ පුතාට මාංචු දැම්මා. සියලු කටයුතු සිද්ධකරලා ඉවරයි දැන්. දවස් 14කට බන්ධනාගාරයෙ. දැන් පෙර අයිතිකරු ඉදිරිපත් වුනොත් විතරයි ඇප ලැබෙන්නේ.

මටත් හිතට අමාරුයි. දැන් බන්ධනාගාරගත වෙලා ඉන්න යෝජිත හිටපු ඇමතිවරයාගේ, වත්මන් මන්ත්‍රීවරයාගේ හිතටත් හිතට අමාරුයි කියලා මම දන්නවා.

ඒ නිසා මම මෙතනදි බැලුවේ වාද්දූවෙ HNB බැංකුවේ ණය පහසුකමක් තිබුණා. ඉඩමක් ගන්න ගියත් බැංකුවෙ  ණය මුදලක් තියනවා නම් දැඩි විශ්වාසයක් ඇතිවෙනවා ගනුදෙනු කරුට බැංකුවෙ ණය මුදලක් දිලා තියනවා. ඉතාම පිරිසිදු ඉඩමක් කියලා හිතනවා. ඒ වගේම තමයි මට හිතුනේ HNB බැංකුවෙන් දුන්න පහසුකම නිසා මට හිතුනා මේක අති පිරිසිදු වාහනයක් කියලා. මම ගිහින් වාහන අරන් ආර්.එම්.වි එකට පේපර්ස් ටික භාරදුන්නාම දවස් 04ක් ඇතුළත මට ආපහු පොත ලබා දුන්නා මගේ සමාගම නමට ලියාපදිංචිය සහතික කරලා. ඊට වඩා මොනවද මේ තියෙන්නේ.

මට කියන්න තියෙන්නේ මම මේ වාහනය විතරක් තියන මිනිහෙක් උනා නම් මේ වනවිට සිය දිවි නසාගෙන. තමන්ගේ පුතා අත් අඩංගුවෙ ඉන්නකොට. දැන් පුතාගෙ පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ ළමයි මගෙන් තාත්තව ඉල්ලනවා. අවුරුදු 03යි. අවුරුදු 02යි.

මේ අවස්ථාවේ දී ජගත් විතාන මන්ත්‍රීවරයා අතිශයින්ම සංවේදී වුනේය. ඔහු හඬා වැටෙනු පෙනුණි.

මේ සාධරණත්වය මට ලැබෙන්නෙ නෑ. ඒත් මේ අසාධාරණය ජනතාවට වෙන්න දෙන්න එපා. මට මේක ඉවසගන්න පුලුවන්. මට වාහනය නැති වෙන්න පුලුවන්. මට මුදල් නැතිවෙන්න පුලුවන්. මට හිරේ ඉන්නත් පුලුවන්. නමුත් මේ අසාධාරණය රජයේ සේවකයෙකුට, දුප්පත් මිනිහෙකුට දරා ගන්න බැරි මිනිහෙකුට උනොත් මොකද වෙන්නෙ කියලා මම අහන්නේ.

ඒ නිසා කරුණාකරලා අවම බලය පාවිච්චි කරන්න කියල උපදෙස් දෙන්න ගරු කතානායක තුමනි. උසාවියෙ තියන දෙයක් ගැන මම මත ප්‍රකාශ කරන්න යන්නේ නෑ. ගරු අධිකරණයටත් කරන්න දෙයක් නෑ.

ඉතින් ඒ නිසා මම මේ අදහස් ටික ප්‍රකාශ කළේ මට කියන්න වෙන තැනක් නැති නිසා. මට මීට වඩා යමක් කියන්න පුලුවන් පුතාව ඇප දීලා එළියට ගත්තට පස්සේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් සඳහා 143.82ක බද්දක් මේ ආණ්ඩුව ගහනවා… කාංචනගේ සාක්කුවට ගියපු ගාන නතර කරගන්න බැරිවුනා ද?… දයාසිරි අසයි!

Next Post

හන්තානේ හෝ කිසිම තැනක මට රජයේ ඉඩමක් නෑ… කෝප් කමිටුවේ දී මට නින්දිත අපහාසයක් කළා… චමින්ද්‍රානි කිරිඇල්ල පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.