සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගේ රටේ ජනතාව රැක ගන්න යුද්ධයට සූදානම්… ඒත් රුසියානු ජනතාවනි… මේ අපරාධයට විරුද්ධ වෙන්න…

  යුක්‍රේන ජනපති රුසියානු බසින් රුසියානුවන්ට ඊයේ කී සංවේදී කතාව...

by editor
පෙබරවාරි 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්රේනය ඊයේ රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය. රුසියානු ආක්‍රමණයක තර්ජනයට ප්‍රතිචාර වශයෙන් යුක්රේන පාර්ලිමේන්තුව ජාතික හදිසි තත්වයක් අනුමත කිරීමට ඡන්දය දී තිබිණි.

මොස්කව් සිය   තානාපති කාර්යාලය ඉවත් කිරීමට පටන් ගත් දිනයේම මෙම පියවර ගැනීමට යුක්‍රේන රජය කටයුතු කළේය.     වොෂින්ටනය   රුසියානු ප්‍රහාරයක තීව්‍ර විභවය පිළිබඳ අනතුරු ඇඟවීමත් සමග මේ පියවර ගැනීමට යුක්‍රේනය කටයුතු කර තිබිණි. රුසියාවේ බලපෑමට මේ වනවිටත් යටත් වී සිටින   ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවල හදිසි තත්වයක්   2014 සිට ක්‍රියාත්මකව පැවතිනි.

මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්සික් ඉතා සංවේදී ප්‍රකාශයක් කළේය. ඔහු ඊයේ (23) රූපවාහිනියෙන් ලෝකය ඇමතුවේය. යුක්‍රේන ජනාධිපතිවරයා කීවේ රුසියාවට දැන් ඕනෑම දිනක “යුරෝපයේ විශාල යුද්ධයක්” ආරම්භ කළ හැකි බවය.

“ මේ අපරාධයට විරුද්ධ වෙන්න…“

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඔහු සමස්ථ රුසියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

රාත්‍රියේ කතා කළ  යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්සික්  කීවේ  තමන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ කළ සාකච්ඡා කිරීමට අසාර්ථක වූ බව ය.

“මම රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධානියා සමඟ දුරකථනයෙන් කතා කරන්න උත්සාහ කළා. ඔවුන් නිහඬයි…“

යුක්රේන දේශසීමාවේ රුසියාවනු භට පිරිස් ලක්ෂ දෙකකට    ආසන්න පිරිසක්, සන්නද්ධ රථ දහස් ගණනක් ස්ථාන කර තිබෙන්නෙ…“

කතාව අතර යුක්‍රේන් ජනාධිපතිවරයා සිය කථන භාෂාව යුක්‍රේන භාෂාවෙන් රුසියානු භාෂාවට වෙනස් කළේය. අනතුරුව ඔහු හැඟීම්බරව රුසියානුවන්  ඇමතුවේය.

“ රුසියානු ජනතාවනි. මෙ ප්‍රහාරය ප්‍රතික්ෂේප කරන්න. ඔවුන් යුක්‍රේනය ගැන දරන්නෙ වැරදි අදහසක්. යුද්ධය නැවැත්විය හැක්කේ කාටද?. එය නැවැත්විය හැක්කේ ජනතාවකටයි. උසස් අදහස් දරන මිනිසුන් ඔබ අතර සිටින බව මට විශ්වාසයි,” ඔහු පැවසීය. එහෙත් තම රට රුසියානු ප්‍රහාරයකට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.

“රුසියාව අපට පහර දුන්නොත්, ඔවුන් අපේ භූමිය, අපේ නිදහස, අපේ ජීවිත, අපේ දරුවන්ගේ ජීවිත පැහැර ගැනීමට උත්සාහ කළහොත්  අප අපවම ආරක්ෂා කරගන්නවා.”

“ඔබ පහර දෙන විට, ඔබට පෙනෙන්නේ අපගේ මුහුණු මිස අපගේ පිටුපස නොවේ,” යුක්රේන ජනාධිපතිවරයා කීවේ එසේය.

මේ අතර නැගෙනහිර යුක්රේනයේ බිඳී ගිය ප්‍රදේශ තම හමුදා සහාය ඉල්ලා ඇති බව මොස්කව් පැවසීය.

සී.එන්.එන් අද අලුයම වාර්තා කළේ  යුක්‍රේන අගනුවර වන ක්යිව් (Kyiv) සිටින සිය කණ්ඩායම්වලට නැගෙනහිරින් ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙසින් පිපිරීම් ඇසෙමින් ඇති බවය.

ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිහිටා ඇති අගනුවරට නැගෙනහිරින් පිහිටි බොරිස්පිල් ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් සිදු වූ බව සමාජ මාධ්‍යවල වාර්තා වන ආකාරය සී.එන්.එන් වාර්තා කළේය.

යුක්රේනයේ  ක්‍රමටෝර්ස්ක් නගරයේ පුද්ගලයන් දෙදෙනෙකු ද CNN වෙත පැවසුවේ බ්‍රහස්පතින්දා හිමිදිරියේ අවම වශයෙන් දැවැන්ත පිපිරීම් දෙකක්වත් තමන්ට ඇසුණු බවය.

බීබීසී සහ සීඑන්එන් ඇසුරිනි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නඩු නැතිව දෙවසරක් හිරේ ඉන්න දෙමළ දේශපාලන සිරකරුවන් 03ක් නඩු දාන්නැයි ඉල්ලා උපවාසයක් අරඹයි….

Next Post

බිත්තරයක පිරිවැය රුපියල් 22ක්… මාස දෙකකින් බිත්තර කර්මාන්තයත් ඉවරයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.