සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මකුළුගස්වැව මුව දඩයම රටට හෙළි කරන පොලිසියේ කතාව…

by editor
ජූලි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

මකුළුගස් වැව දී යළිත් පොලිසියේ අභ්‍යන්තර දුර්දාන්තය රටට පෙනුනේය.  ජකාරි ගිනි අවි රැගෙන මුව දඩයමේ පැමිණ ගැබිණි මුව දෙනක් මරා දැමු පොලිසියේ දෙදෙනෙක් පහර දී ගස් බැඳ මුක පූට්ටු වී සිටින ආකාරය දුටුවෙමු.  ඒ දැකුම ගෙනාවේ මහා සමාජ අනාරක්ෂිත බව පිළිබඳ තිගැස්මකි.  මේ පොලිස්  ලොන්තයන් දෙන්නා සැරයන්ලාය. උන්  ගමේ උන්ගෙන් වෙල්ලවැහුම් වෙන තරමට ගුටි කා තිබිණි.

යන එන එකා පොලිසියේ මස් වැද්දන්ට කන පුරවා පහරදෙනු දුටුවෙමු. අවසානයේදී නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීම සඳහා  දඩයම් කළ මුවා පටවාගෙන යන පොලිස් ජිප් රථය   පන්නාගෙන ගොස් පොලිසියේ ඉහළ නිලධාරියෙක් අනෙක් පස සිටිය දී පොලිස් නිල රථයේ රියදුරාට කනේ පහරක් එල්ල කරන  මිනිහෙක් දැක ගත හැකි විය.

තත්ත්වය පැහැදිලිය.  මේ සමාජයේ ඇති ඇරියස් එකේ ප්‍රමාණය  හොරකමක් කර මාට්ටුවෙනවාට බයේ  දුවන කුඩු කාරයෙක් අල්ලා ගත් විට පෙනෙන්නේය. ගමනක් යන ගමන් ඉන්න එකාත් වාහනය පාර අයිනට කර නවත්වා අගක් මුලක් නොදැන අල්ලාගෙන ඉන්නා හොරාට පහර දෙන අවස්ථා නොදුටුවෙක් සිටින්නට බැරිය.  අවස්ථාවක් ලද වහාම මිනිස්සු නීතිය අතට ගන්නේ ප්‍රමෝදයෙනි.

මිනිසුන් බලාගෙන ඉන්නේ නීතිය සම්බන්ධ බලය සහිත ආයතනයක තමන්ට ආමන්ත්‍රණය කළ හැකි තරමේ  වරදක් කරන තුරුය.     පාතාලය සමග ඩීල් දමමින්, කප්පම් මිනීමැරම් සුලබ කළ නීතිය වේසකමේ යැවු මැරයෙක් මේ මොහොතවනවිටත් පොලිස්පති සේ සිටින රටක පොලිසිය මිනිස්සුන්ගෙන් පාඩම් ඉගෙන ගැනීම අවසානයේ බලපානු ඇත්තේ රටට ය. මේ ලියන්නේ ඒ සොහොන් ලකුණු දකිමිනි.

පොලිසියේ මුව දඩයම

අප මුලින් කී ලෙසම මෙය දඩයම ගැන ගැටලුවක් නොවේ.  ගල්කිරියාගම අප දන්නා ඉසව්වකි. දඩයම ඒ ගැමියන්ට නුහුරු නැත.  සිදුවූයේ  අතරේ රාජකාරි නිල රථයේ පැමිණ රාජකාරි ගිනි අවියෙන් සතුන් මරාගෙන යන පොලිසියේ අවනීතිය  මිනිස්සුන්ට පොලිසියට ආමන්ත්‍රණය කළ හැකි  ප්‍රවේශයක් නිර්මාණය කිරීමය. දැන් පොලිසියට කට උත්තරත් නැත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඊයේ (25) අළුයම වාර්තා වන සිද්ධිය ගල්කිරියාගම මකුළුගස්වැව  ගැමියන් කියන්නේය. ඒ මෙසේය. සිද්ධිය මුලින්ම පහදා දෙන්නේ යුද හමුදාවේ ද අත්දැකීම් සහිත වන ජීවියේ කලක් සේවය කර දැන් මිනින්දෝරු දෙපර්තමේන්තුවේ  රාජකාරි කරනා රාජ්‍ය සේවකයෙකි.

“ මම වනජීවී එකේ වැඩ කළ කෙනෙක්. මේ පැත්ත පලාතක සතෙක් මරන්න අපි ඉඩ දෙන්නේ නෑ. සත්තුන්ට වතුර නැති කාලෙ වතුර තියලා තමයි අපි උන්ව ජීවත් කරන්නේ. මම  වනජීවී නිලධාරියෙක් කියන හැඟීමත් එක්ක, ගමේ අපි එකතු වෙලා ඉන්න විදිහත් එක්ක දන්න කියන කෙනෙක් නම් මේ පැත්ත පලාතේ එන්නේ නෑ සත්තු මරන්න…”

“   2.45ට විතර ඇති පාන්දර…  වෙඩි සද්දයක් ඇහුනා. ඒ එක්කම වාහනයක් යන සද්දයක් ආවා.  මම දැනගත්තා කවුරුහරි වෙඩි තිබ්බා කියලා. ඒත් කවුරුත් හිතුවෙ නෑ මේ පොලිසියෙ වැඩක් කියලා. දොර ඇරලා බලනකොට  කැබ් එකක් වේගයෙන් උඩහට යනවා දැක්කා.”

“   ගමේ කොල්ලො ටිකට කතා කළා. වෙඩි තියලා ගියා නම් දැන් වෙඩි තියපු එකා දඩයම ගන්න එන්න ඕන නෙ. අපි ඇහැරිලා රැකලා හිටියා.  පාන්දර 4.30ට විතර  ඇති. තුන් දෙනෙක් ආවා නිල් පාට බයික් එකක. ඇවිත් දෙන්නෙක් උඩහට ගියා.  එක්කෙනෙක් බැහැලා පහලට ගියා.  අපි කළේ හෙමින්ම පහළට ගිය එකා පස්සේ ගිහින් ඌව අල්ලා ගත්තා. අල්ලගෙන පැත්තකට අරන් ගිහින් දෙකයි ගැහුවේ. මූ කිව්වා පොලිසියෙ මහත්තුරු කියපු හින්දා ආවේ දඩයම ගෙනියන්න කියලා.  මුලින්ම මේ මිනිහා අල්ලගෙන අපි ලග තියා ගත්තා. “

“ එතකොට බයික් එකේ ආපු දෙන්නා ආවා. ඇවිත්  කිව්වා   අපි පොලිසියෙන්. මේක අවුල් කරන්න එපා. ෂේප් කරලා දෙන්න කියලා. ඒත් පහළට යද්දි අපි අල්ලගත්තු එකා පොලිසියෙ නෙමෙයි.  මම කිව්වා මමත් රාජ්‍ය නිලධාරියෙක් තමයි. ඔයාල පොලිසියෙ කිව්වට පිළිගන්න බෑ. අඩිඩෙන්ටී පෙන්වන්න කියලා. අයිඩින්ටී දැක්කම හරි… මේ පොලිසියෙ දෙන්නෙක් තමයි. සාජන්ට්ලා දෙන්නෙක්. ” සැරයන්ලා දෙදෙනාගෙන් එකෙක්   මඩාටුගම පොලිසියේය.  අනිකා   ගිරානේගම  පොලිසියේය.

“ දැන් ගමම අහැරිලා.  මේ කට්ටියට යන්න දෙන්නේ නැතිව අපි භාරයෙ තියාගත්තා වනජීවි එකෙන් එනකම්. අපි ඒ වෙනකොට වනජීවී එකට කතා කරලා තිබුණේ.  මරලා තිබුණ   ගැබ් බර මුව දෙනක්.  මස්වැද්දෙක්වත් බඩ වෙච්චි සතෙක් මරන්නේ නෑ. මුන් මොක්කුද කියලා හිතන්නකො. වෙඩි වැදුන සතාට මේ වෙඩි තිබ්බේ කොටන තුවක්කුවකින්වත්, බෝර 12 තුවක්කුවකින්වත් නෙමෙයි. ඒක පැහැදිලියි.”

වනජීවී නිලධාරීන්ගේ පැමිණීම

ඔහු කියනවිට පොලිසියේ උන් ජිප් එක ඇතුළට වී දත කට පූට්ටු වී සිටිනු දුටුවෙමු.  ටිකකින් වනජීවී නිලධාරියා පැමිණියේය. ඔහු සැකකරුවන් බලාගෙන දඩයම් කළ සතා ලඟට ගියේය. ඔහු ආවේගයෙන් කතා කරන්නට පටන් ගත්තේ මරා දැමූ මුවාගේ වෙඩි ලකුණු දුටු විටය.  තමන් වටා ගැමියන් පිරිසක් තම පාර්ශවයේ සිටිනා බව තහවුරු වූ විටය.

“ මේ මරලා තියෙන්නේ ටී.56කින් වෙඩි තියලා. මහත්තයා. වනජීවී ආඥා පනත යටතේ මේ අපරාදෙට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය මූලිකවම තියෙන්නෙ අපිට. ඒ වගේම ඒක ඔබතුමාලටත් තියනවා. ඒත් මේ සැකකරුවො පොලිසියෙ සේවයේ යෙදිලා ඉන්න අය. ඒ නිසා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න අපිට මේ සතා භාර දෙන්න නඩු භාණ්ඩ විදිහට. සැකකරුවො අපිට භාර දෙන්න. අපි අධිකරණයට ගිහින් මේ ප්‍රශ්නය විසඳා ගන්නම්. ඔබතුමාලා අපේ හිතවත් අය. අපි උසාවියෙදි ඕන තරම් මුණගැහෙනවා. කතා බහ කරනවා. අපි සාමුහිකවකටයුතු කරමු. ඔබතුමාට තේරෙනවා මේ සිද්ධ වෙලා තියෙන්නේ ඉතාම නරක සිද්ධියක්. වරදකරුවන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන විදිහ රටට දැනෙන්න ඕන. අපක්ෂපාතී වෙන්න ඕන. මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙන්න ඕන.” වනජීවී නිලධාරියා කියනවිට පොලිස් නිලධාරියා ඔහුට කීවේ ආවේගශීලී නොවන ලෙසය.

“   ආවේගශීලී  නෙවෙයි.  මම  වනජීවී  එකෙන්.     අපිටත්  එපා  වෙනවා   මෙහෙම   රාජකාරි   කරන්න   ගියාම.   අපිට   පාරෙ   බැහැලා යන්න බැහැ. අපේ වනජීවී පනත කකුල් දෙක අස්සේ ගහ  ගන්න  වෙලා  තියෙන්නේ.  පොලිසිය  කරන  වැරදි  එක්ක.  අපිට නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්න.” නිලධාරියා යළිත් කීවේය.

වනජීවී නිලධාරියාගේ පැහැදිලි කිරීම සාධනීය වුව ද පොලිසිය සැකකරුවන් සහ මරා දැමු මුවා වනජීවී දෙපාර්තමේන්තුවට භාර දීමට සූදානම් වූයේ නැත.   සහකාර පොලිස් අධිකාරීවරයාගේ නියෝගය මත නඩු භාණ්ඩ හා සැකකරුවන් වනජීවී දෙපාර්තමේන්තුවට භාර දෙන්නේ නැති බව එතැන සිවිල් පිට සිටි පොලිස් නිලධාරියෙක් පැවසුවේය.

රැස් වී සිටි ගැමියන් කිසි කෙනෙක්  මුව ඝාතක පොලිස් සැකකරුවන් හා මරා දැමු මුවා පොලිසියට  භාරදීමට කැමැත්ත පළ කළේත් නැත. එහෙත් පොලිසිය සැකකරුවන් සහ නඩු භාණ්ඩ රැගෙන ගියේය. ඒ අසල සිටින ගැමියන්ට තර්ජනයකුත් කරමිනි. “ දඟල උන් මගදි හම්බවෙනවා නේ. අපි බලා ගනිමු.” එතැන සිටි පොලිස් අපතයෙකුගේකතාව මේ අතර ගමේ උන් නැවත අවුලා දැමුවේය.

පොලිසිය ගමේ ගෑනුන්ගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගන්නේ ඒ කාලකණ්ණි කතාවත් සමගය. නඩු භාණ්ඩ ලෙස මුවා සහ සැකකරුවන් රැගෙන පිටත්වන පොලිස් නිල රථය පන්නා ගොස් පොලිස් රියදුරාගේ කණට ගහන්නට තරුණයෙක් කටයුතු කරන්නේ ඒ ආවේගය නිසාය. රටටම පේන ලෙස පොලිසිය කුල්ල කුජීත වුනේය.

සිද්ධියේ අවසන් අදියරේ සෑම සිදුවීමක්ම පටිගත වී තිබිණි.

කුඩු විකුණන, පාතාලය සමග ඩීල් දාන,  කුලියට මිනී මරණ, වත්කම් උපයා ගත් ආකාරය කියන්නට බැරි , ගණිකා මඩම් කරන, ස්පා පවත්වාගෙන යන පොලිස් ලොක්කන් සහිත රටක සාජන්ට් කෙනෙක් මුවෙකුට වෙඩි  තැබීම සිද්ධියක් කරගත යුතු නැති බව සැබෑය. නමුත් සිදුවී ඇත්තේ දඩයමට මුවා මැරුවාට වඩා බිහිසුණු  ව්‍යසනයක්ය. ඒ ව්‍යසනය සිදුවී ඇත්තේ ආයතනයටය. මේ පෙනෙන්නේ  පට්ට පදුරු හොරෙක් මිනී මරුවෙක් පොලිස්පති වු රටක හේදී ගිය පොලිසියේ ඉතිරි වී තියන පොඩ්ඩ මිනිස්සු ඉදිරියේ ගැලවෙන අයුරුය

Tags: නවතම
Share69Tweet43
Previous Post

 හමුදා ඉතිහාසය අලුත් කළ ශ්‍රි ලංකා හමුදාවේ පළවෙනි සීල් භටයා…  ඔහුගේ කතාව විශේෂ වන්නේ ඇයි?… 

Next Post

ගැබ්බර මුව දෙන මැරූ පොලිස් සැරයන්ලා 2 ඇතුළු 4 දෙනෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.