සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මක්කම යන්න පාස්පෝට් හදාගන්න ගිය එකම පවුලේ 08ක් තඹුතේගම දී මාරක අනතුරක… 04ක් එතැනම මිය යති!

by editor
අගෝස්තු 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර පර්සි කුරුනේරු –

කොළඹ සිට කහටගස්දිගිලිය  ය බලා ධාවනය කරමින් තිබූ එකම පවුලේ ඥාතීන් අට දෙනෙක් ගමන් ගත් වෑන් රථයක් අනුරාධපුර පාදෙනිය ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේ ආපනශාලාවක් අසල මාර්ගය අයිනේ නතර කර තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් අද (04) අළුයම සිදුවූ මාරක අනතුරකින් එහි ගමන් කළ අඹුසැමි යුවලක් ඇතුළු සිව් දෙනෙක් මරුමුවට පත්ව තවත් සිව් දෙනෙක්  බරපතල තුවාල ලබා ඇත.

අනතුර සිදුව තිබුණේ අළුයම 12.10ට පමණය.  කහටගස්දිගිලිය පල්ලිය පාරේ පදිංචි පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත.

ඔවුන් මක්කම වන්දනා කිරීම සඳහා ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමට කොළඹ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් නැවත සිය නිවෙස් බලා ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුරුව කොළඹ සිට කහටගස්දිගිලිය බලා ගමන් කරමින් සිටින අතරතුර වෑන් රථයට ඉදිරියෙන් එකම දිසාවට මන්නාරම බලා ධාවනය  කරමින් තිබූ කන්ටේනර් රථයක රියැදුරු තේ පානය සදහා ඒරියාගම ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට මාර්ගය අයිනේ කන්ටේනර් රථය නතර කරනවාත් සමගම පසුපසින් ධාවනය කළ වෑන් රථය එහි පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

වෑන් රථයේ රියැදුරුට එහි වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන තඹුත්තේගම පොලිසිය පවසයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කහටගස්දිගිලිය පල්ලිය  පාරේ පදිංචිව සිටි හතළිස් හය හැවිරිදි මව්ලානා සෙයියදු අහමඩ් අස්සෙයියදු, තිස් හය හැවිරිදි සෙයිදු  ආබ්දීන් වපා, හතළිස් තුන් හැවිරිදි සෙයිදු අහමදි මව්ලානා ආබ්දා සහ විසි  හැවිරිදි අබ්දුල් රහුමාන් මොහොමඩ් රාසික් යන සිවු දෙනා  මරුමුවට පත්ව ඇත.

මෙම අනතුරින් කුඩා දරුවන් තිදෙනෙක් සහ වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්  ප්‍රතිකාර සදහා තඹුත්තේගම මූලික රෝහලට  ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියැදුරු පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් දැරියකට අපරාධයක් කළ කොස්තාපල් අත්අඩංගුවට…

Next Post

වව්නියාව උපන්දින සාද ඝාතන කොන්ත්‍රාත්තුව ගත් පුද්ගලයාගේ නිවසේ තවත් ආයුධ තොගයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.