ශ්‍රියානි විජේසිිංහ
අප්‍රිකානු කලාපය තුළ මේ වන විට පැතිර යන මන්කිපොක්ස් රෝගය මෙරටට ඇතුලු නොවීමට විශේෂඥයින්ගේ දැනුම පමණක් ලබා ගෙන අවශ්‍ය තින්දු තීරණයන් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය වහාම කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙරට මන්කිපොක්ස් රෝගීන් වාර්තා නොවුවද රෝගය පැතිර යන රටවල් වල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් පිලිබඳව වහාම පරික්ෂා කිරීමට සහ අවශ්‍ය අවධානය යොමුකිරිමට ගුවන්තොටුපල සහ වරාය තුළ රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කරන ලෙස සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
සැක කටයුතු පුද්ගලයෙකු හමු වුවහොත් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් පරික්ෂා කිරීම, ඔහුව හුදකලා කිරීම මෙන්ම ඔහුගේ ආශ්‍රිතයන් පරික්ෂාවට ලක්කිරිමේ විශේෂ වැඩ පිළිවෙළක් වහ වහාම සකස් කළ යුතු බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ පවසා සිටියි.
කොවිඩ් වසංගත සමයේ උගත් පාඩම් අප සතුව තිබෙන බවත් මේ වන විට මංකිපොක්ස් රෝගයේ සියලුම විස්තරයන් හා බෝවන අන්දම දන්නා බැවින් රෝගය පැතිර යාම පාලනය කිරීම අපහසු නොවන බවත් හෙතෙම පැවසුවේය.
මෙම රෝගය සම ස්පර්ෂ වීමෙන් සහ ලිංගික සංසර්ගයෙන් බෝවන්නක් බැවින් ඒ පිලිබඳව ජනතාව දැනුවත් කිරීමට හා උණ . ඇඟපත වේදනාව සහ සමේ පලු මතුවීම වැනි රෝග ලක්ෂණයන් මෙහිදි දක්නට ලැබෙන බවද පෙන්වා දෙන වෛද්‍යවරයා මේ වන තෙක් මෙරටින් රෝගීන් කිසිවෙකුත් වාර්තා වී නොමැති බැවින් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයිද පවසා සිටියි.







