පසුගිය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් හරහා ලබා ගත් රුපියල් බිලියන 465.1 ක මුදල ඇතැමුන් චෝදනා කරන පරිදි නව රජය ලබා ගත් අතිරේක ණයක් නොව, ණය සේවා සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ මහ බැංකුවේ සාමාන්‍ය ක්‍රමවේදය මත ලබා ගත් මුදලක් බව රජයේ ඉහළම ආර්ථික විද්‍යාඥයෙක් උපුටා දක්වමින් ඩේලිමිරර් වර්තා කරයි.
ජනාධිපතිගේ ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරන්නේ ලබා ගත් රුපියල් බිලියන 465.1න් බිලියන 400ක් සේවාවන් සඳහා යොදවා ඇති බවය.
ණය සේවා සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මහ බැංකුවේ අලුත් දෙයක් නොව, එය මහ බැංකුවේ සාමාන්‍ය ක්‍රමවේදය බවත් ඔහු පෙන්වා දෙයි.
මහාචාර්ය ප්‍රනාන්දු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය රජය අනුමත කළ ණය සීමාව තුළ රජය ණය ලබාගෙන ඇති බවය. එම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම හරහා මූල්‍ය වෙළෙඳපොළේ ස්ථාවරත්වයට කිසිදු බලපෑමක් හෝ ණය සීමාව උල්ලංඝණය වීමක් සිදුවී නොමැති බවද පැවසීය.
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම පිටුපස ඇති න්‍යාය නොදැනුවත්කම නිසා හෝ ජනාධිපතිවරණයට පෙර කළාක් මෙන් ජනතාව තුළ භීතිය සහ අවිනිශ්චිතභාවය ඇති කිරීමට විපක්ෂය නව රජය විසින් අධික ලෙස ණය ලබා ගන්නා බවට ප්‍රකාශ කර ඇතැයි ඔහු පැවසීය.







