තමන් කළ ප්‍රකාශය නිසා බෞද්ධ, හින්දු සහ මුස්ලිම් සහොදර ජනතාවගේ සිත රිදුනා නම් සමාව යළි යළිත් සමාව ඇයද සිටින නමුත් ඒ සමාව ඇයැද සිටින්නේ ඔවුන්ගේ සිත් තුළ ඇතිවූ වේදනාවට පමණක් බව ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මීට සති දෙකකට පෙර තමන් ප්‍රකාශ කළේ කරුණු සහිත පරම සත්‍යයක් බවත් ඒ ප්‍රකාශ පිළිබඳව සමාව නොඉල්ලන බවත් ඔහු කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (21) ඔහුගේ ඉරුදින දේශනාව සඳහා සූම් යෙදවුම ඔස්සේ සිය අනුගාමිකයන්ව සිංගප්පූරුවේ සිට අමතමිනි.
තමන් ලංකාවට පැමිණෙන්නට ප්‍රමාද වූයේ ගුවන් ටිකට්පත් ප්‍රශ්නයක් හේතුවේන් බැවින් හෙට උදෑසන තමන් දැකගැනීමට බොහෝ විට හැකිවනු ඇති බව ද ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය අනුගාමිකයන්ට වැඩිදුරටත් කීවේය. ෙ
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සාමාන්‍යයෙන් ඉරුදින ඔහුගේ දේශනාව පවත්වන මිරකල් ඩෝම්හි එය නොපවත්වන බව ඔහුගේ ෆේස් බුක් ගිනුමෙන් දැන්වූයේය. එය දෙහිවල පවත්වන බව කීවේය. එහෙත් යළිත් මෙහෙය පවත්වන ස්ථානය වෙනස් කළ ජෙරොම් ප්‍රනාන්දු නුගේගොඩ ස්ථානයක එම මෙහෙය පවත්වමින් සූම් තාක්ෂණය ඔස්සේ ඒ අවස්ථාවට එක් වූයේය.
අද උදේ ගුවන්තොටුපල ආරංචි මාර්ග ප්‍රකාශ කළේ අද රාත්‍රී 11.45 ට පමණ සිංගප්පූරුවෙන් පිටත්වන ගුවන් යානයකින් ඔහු කටුනායක ගුවන්තොටුපලට පැමිණෙන බවය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ ඔහුට එරෙහිව පනවා ඇති අධිකරණ නියෝගය මත ගුවන්තොටුපලේ දී ඔහුව රඳවාගෙන දැනට ඔහු සම්බන්ධව විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව භාර දෙන නමුත් අත්අඩංගුවට ගන්නවා ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරනු ලබන්නේ එම නිලධාරීන් විසින් බවය.







