ගම්පහ දිස්ත්‍රික්කය තුළ දිනෙන් දින ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නම් කරන බවත් පසුගිය සතිය තුළ පමණක් රෝගීන් 400ක් පමණ වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.රටේ වෙනත් දිස්ත්‍රික්කවලද දෛනික ව ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් පෙන්නුම් කළද වෙනත් දිස්ත්රිතක්කවලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ තත්ත්වය වඩාත් අවධානය යොමු කළ යුතු බව එම අංශ පෙන්වා දයි.
ජාතික ඩෙංගූ මර්දන ඒකකයට අනුව ඔවුන් පසුගි වසරේ සැප්තැම්බර් මාසයේ ඩෙංගු රෝගින්ගේ වර්ධනයේ අවදානම හදුනාගෙන ඊට අදාල දැනුවත් කිරීම් කළද රෝගය මර්දනය වීම වෙනුවට වර්ධනය වන තත්ත්වයත් මේ වනවිට නිර්මාණය වී ඇතැයි ජාතික ඩෙගු මර්දන ඒකකයේ ප්රකාහකයෙක් සඳහන් කළේය.
බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේදී කොළඹ සහ කළුතර දිස්ථ්රික්කවලද රෝගීන් අඛණ්ඩව වර්ධනය වන තත්ත්වයක් පවතින නමුත් කළුතර දිස්ත්‍රික්කයේ රෝගීන් රෝගීන් වාර්තා වීම සතිකට රෝගීන් සිය දෙනකුට වඩා අඩු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ අතර මෙම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සඳහන් කළේ වසරේ ගතවූ කාල සීමාව තුළ ළමුන් දෙදෙනෙකු ඇතුළුව ඩෙංගු උණ වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 22 ක් බවය.
මේ අතර, දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 370 අතරින් 39ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය සඳහන් කළේය.







