බෝඩිං කාමරයක් තුළ සිය පෙම්වතියේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙක් හෝමාගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඝාතනය වී ඇත්තේ අම්පිටිය ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණියකි.
ඝාතනයට සම්බන්ධව සැක පිට අත් අඩංගුවට ගෙන ඇති පෙම්වතා 32 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා ඊයේ (08) අළුයම ප්‍රතිකාර ලබා ගැනීම සදහා කළුතර නාගොඩ රෝහලට පැමිණ ඇති අරත පුද්ගලයාගේ හැසිරීම සම්බන්ධව සැක සිතී කාර්යභාර වෛද්‍යවරිය විසින් රෝහල් පොලිසියට පැමිණිලි කර ඇත.
රෝහල් පොලිසිය විසින් කළ ප්‍රශ්නකිරීමේ දී හෝමාගම උසාවි පාරේ බෝඩිමක කාමරයක් තුළදී සිය පෙම්වතියට තියුණු ආයුධයකින් පහර දී මෙම පුද්ගලයා විසින් තුවාල සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
අනතුරුව මේ සම්බන්ධව හෝමාගම පොලිසියට දැනුම් දී ඇති අතර නිලධාරීන් කණ්ඩායමක් ස්ථානීය පරීක්ෂාවක් කරද්දී ගෙල කපා ඝාතනය කළ තරුණියගේ මළ සිරුර හමුවි ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘතශරීරය ඊයේම ඥාතීන්ට භාර දී තිබේ. හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







