බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොබ් මාලේ නමින් හැඳින්වූ  කුඩු ජාවාරම්කරු ඕපාත දී චීවරධාරියෙක් සහ සිය බිරිය සමග අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද සහ ජයකාන්ත ලියනගේ –

ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ   කළුදුර චමින්ද තාබ්‍රේවච්‌ නොහොත්‌ බලපිටියේ බොබ්මාලි නැමති අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අපරාධකරු ඔහුගේ බිරිය  සහ චීවරධාරියකු  ඇතුළු සිව් දෙනෙක් අද (01)පස්වරුවේදී අත්අඩංගුවට ගත් බැව් ඕපාත පොලිසිය පවසයි .

මොවුන් විදේශගතවීමේ  අරමුණින් ඕපාත වීරපාන ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ඕපාත පොලිසියේ නිලධාරීන් විසින් කරනු ලැබූ විශේෂ මෙහෙයුමකින් පසු   අත්අඩංගුවට ගෙන ඇත.

කවුද මේ කුඩුකාර බොබ්මාලි –

බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති පරිදි   ඩුබායි රැඳි සිටින පාතාල අපරාධකරුවෙක් වූ   කොස්ගොඩ  සුජීගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධානම අපරාධකරු මේ තැනැත්තාය.

රාජ්‍ය බුද්ධි අංශය, ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යංශය විසින්‌   2021 වසරේ  අගෝස්තු මාසයේ  සිදුකළ වැටලීමක දී  බේරුවල මුහුදු තීරයේ  ධීවර යාත්‍රාවක සිටි සැකකරුවන්‌ 05 දෙනෙකු සමග අත්අඩංගුවට ගත් කිලෝ 288 ක හෙරොයින්‌ මත්ද්‍රව්‍ය තොගය මෙරටට  ගෙන්වීම මෙහෙයවු ප්‍රධාන සැකකරු වූයේ මොහුය.

කළුදුර චමින්ද තාබ්‍රේවච්‌ නොහොත්‌ බොබ්‌ මාලි නමැති ඔහු අංක 128/09, නිසංසලා මාවන, තලාහේන, මාලඹේ සහ අංක 522/1/2, සල්මල්‌ මාවත, උඩුමුල්ල, බත්තරමුල්ල යන ලිපිනවල පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු රැකියාව ලෙස බහුදින ධීවර යාත්‍රා නියමුවෙක් ලෙස කටයුතු කළේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අතට අසු වී අතහැරිය හැටි සහ යළි අත් අඩංගුවට පත් වූ හැටි

පසුගිය 2021 වසරේ සැප්තැම්බර් 09 දා මෙම පුද්ගලයා   පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ඇල්පිටියේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

අත් අඩංගුවට පත්වන අවස්ථාවේ දී  ඔහු සිය කොණ්ඩය සහ රැවුල කපා හඳුනා ගැනීමට අසීරු වන ආකාරයට සිය බාහිර පෙනුම වෙනස් කරගෙන සිට ඇත.

පොලිසිය විසින් ඡායාරූප සමඟ    ප්‍රසිද්ධ කොට අල්ලා ගැනීම සඳහා මහජන සහය පැතූ  පසුගිය 2021 අගොස්තු මාසයේ  දිනකෙ ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිසියක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබී මෙන් පසුව මුදාහැරි පුද්ගලයෙකි.

ගාල්ල පොලිසියකින් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ   චන්ද්‍රිකා (සැටලයිට්) දුරකථනයක්ද ඔහු සතුව තිබී ඇති බව සඳහන්ය.

දූෂිත පොලිස් නිලධාරීන් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති බොබ් මාලේ නැමැත්තා මුදා හැර ඇත්තේ අත යට සිදුවූ ගනුදෙනුවකින් පසුව බවට බුද්ධි අංශ සැක පහළ කර තිබිණි.

ඕපාත දී අත් අඩංගුවට ගැනීම

අද  අත් අඩංගුවට ගෙන ඇත්තේ නො. 45/10, සුභද්‍රාරාම පාර, බළපිටිය ලිපිනයේ පදිංචි කළුදුර චමින්ද තාබ්‍රේව් (43) නොහොත් බළපිටියේ බොබ්මාලි, නො. 337/5, කැන්දලියද්ද පාලුව, ගණේමුල්ල ලිපිනයේ පදිංචි වෙන්ගප්පුලි විදානච්චිගේ සුජානි කුමාරි වික්‍රමරත්ත (37), නො. 99/1, ‘රංගිරි’, බුද්දගයා, වීරපානේ ලිපිනයේ පදිංචි මහේන්ද්‍ර රණසිංහ සහ ශ්‍රී බෝධිරාජාරාමය, බතලහේනවත්ත, ගෝනවල, කැළණිය ලිපිනයේ පදිංචි වීරපානේ සීලසුමන (27) යන සිව් දෙනාය.

සැකකරුවන් ඉහත සිව්වන (04) සැකකරු වන වීරපානේ සීලසුමන හිමියන්ගේ ගිහිකල නිවසේ රැදී සිටියදී ලද තොරතුරක් මත ඔපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දිමාල් ද සිල්වා   ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අද (01) දහවල් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පලාගොස් තිබේ. පසුව පොලීසිය විසින් ඔවුන් ලුහුබැද ගොස් වීරපාන, ඕපාත කදු සහිත කැබෑබද ප්‍රදේශයකදී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙහි පළමු සැකකරු 2021 අගෝස්තු 31 දින පොලිස් මත් දව්‍ය නාශක කාර්යාංශය මගින් බේරුවල වෙරළ තීරයේදී අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ ග්‍රෑම් 228 ග්‍රෑම් 644 ක් ප්‍රවාහනය කරන ලද බහුදින යාත්‍රාවේ ස්පීකර් වශයෙන් කටයුතු කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබුණි. ඔහු සන්තකයේ තිබී එම අවස්ථාවේදී හෙරෙයින් ග්‍රෑම් 100 ක් ද පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් වූ නඩුව කොළඔ, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ බී – 55635/1 යටතේ විභාග වෙමින් තිබෙන බවද ඕපාත පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙම සැකකරුවන් මෑතකදි නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද මහා පරිමාන හෙරෙයින් ජාවාරමට අදාලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.

ඕපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා, උප පොලිස් පරීක්ෂක අමරසිංහ, පොලිස් සැරයන් ජයන්ත (58833), පොලිස් කොස්තාපල්වරුන් වන අජිත් (62518), තුසිත (82545), වීරසිංහ (104455) සහ කාන්තා පොලිස් කොස්තාපල් මධූෂා (12598) යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.

හිනිදුම කොට්ඨාශය බාර සහකාර පොලිස් අධිකාරි එච් එච් කේ ජේ සී සමරසිංහ, ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ  මෙහෙයවීම මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආයෙත් ධර්මය විකෘති කරන්නේ නෑ… සිරි සමන්තභද්‍ර “මුනින්ද්‍රයානන්” මල්වතු මහා නා හිමි දෙපා වැඳ දෙවැනි වරටත් පොරොන්දු වෙයි!

Next Post

අභියාචනාධිකරණයෙන් නිශ්ප්‍රභ කළ ඩයනාගේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියන්න සූදානම්!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.