අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභියාචනාධිකරණයෙන් නිශ්ප්‍රභ කළ ඩයනාගේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියන්න සූදානම්!

by editor
නොවැම්බර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍ය පුරවැසි ඩයනා  ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ඕෂල හේරත් විසින්  ගොනු කෙරුණු පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව ඊයේ  (ඔක්. 31) නිෂ්ප්‍රභ විමෙන් පසු එම නඩුව යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීම පැමිණිලිකාර පාර්ශවය සූදානම් වෙමින් ඇත.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින්, ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන්නැ යි ඔහු මෙම  පෙත්සම ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ. මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරුණි.

බෙදුනු තීන්දුව

එහි තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් වන අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඛේමා ස්වර්ණාධිපති   තීන්දු කළේ අදාළ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමටය.

ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා කීවේ මෙවැන්නකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර අධිකරණයෙන් සහන පැතීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර තිබිය යුතුයි. එහෙත් පෙත්සම්කරු අධිකරණයට පැමිණ තිබෙන්නේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව යි. පෙත්සම්කරු සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ වගඋත්තරකාරියට තිබෙන අපරාධ නඩුව පමණයි.

ඒ වගේම පෙත්සම්කරු නියෝජ්‍ය ආගමන හා විගමන පාලකවරයා පොලිසියට ලබාදුන් ප්‍රකාශ කීපයක් මත විශ්වාසය තබා අධිකරණයට පැමිණ තිබෙනවා.

සාක්ෂි ආඥා පනත ප්‍රකාරව මෙම සාක්ෂි පිළිගන්න පුළුවන් ද කියන ගැටලුව අධිකරණයටත් මතුවෙනවා. ඒ නිසා පෙත්සම්කරු ඉදිරිපත් කර තිබෙන සාක්ෂි ඔහු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ඉල්ලීම තහවුරු කිරීමට ප්‍රමාණවත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුව පෙත්සම්කරු අධිකරණයට පැමිණ තිබෙන්නේ ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිවයි.”

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පැහැදිලිවම ප්‍රකාශ කළේ  පෙත්සම්කරු විසින් වගඋත්තරකාර ඩයනා ගමගේ වෙත එල්ල කරන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කර නැති බවය.

පෙත්සම්කරු ඩයනාගේ හොඳ නම විනාස කරන්න හදනවා

“මහජන සුභසාධන නඩුකරයක් වශයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව පෙත්සම්කරු පවසනවා. මහජන සුභ සාධනය සඳහා නඩු ඉදිරිපත් කිරීමේ දී ඒ පිටුපස සැඟවුණු දේශපාලන න්‍යාය වලින් තොරව එය ඉදිරිපත් කළ යුතුයි. එවැනි නඩුකර වලින් සදාචාර විරෝධී ලෙස ලාභ ප්‍රයෝජන අපේක්ෂා නොකළ යුතුයි. එසේම සද්භාවයකින් යුතුව ඉදිරිපත් කළ යුතුයි. “

“වගඋත්තරකාර ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අපකීර්තියට පත් කිරීම සහ ද්වේශසහගත ලෙස ඇයගේ හොඳ නම පළුදු කිරීමේ අරමුණින් සිය පෞද්ගලික න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පෙත්සම්කරු මෙය ඉදිරිපත් කර තිබෙනවා. එය අධිකරණයෙන් සහනයක් ලබාගැනීමට සුදුසුකමක් නොවෙයි” යනුවෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න කියා සිටියේය.

ඒ අනුව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේ පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට තරම් ඔහු විසින් අධිකරණය හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති හෙයින් ඔහුගේ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන බවය.

ඩයනාට යන්න කියන සුළුතර තීන්දුව

ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සුළුතර තීන්දුව ලබා දුන් සාමාජික විනිසුරු ඒ. මරික්කාර්   ප්‍රකාශ කළේ වගඋත්තරකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් මහජනතාවට වගවීමට හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට බැඳී සිටින බවයි.

එමෙන්ම වගඋත්තරකාරිය සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳව කරුණු තහවුරු කිරීමට අසමත් වී ඇති බවත් ඒ අනුව ඇයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බවත් ය.

ඒ අනුව වගඋත්තරකාර ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බව තීන්දු කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් ඇය විසින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවත් මරික්කාර් විනිසුරුවරයා නිකුත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බොබ් මාලේ නමින් හැඳින්වූ  කුඩු ජාවාරම්කරු ඕපාත දී චීවරධාරියෙක් සහ සිය බිරිය සමග අත් අඩංගුවට…

Next Post

වාද්දූවේ දි කාන්තාවක් සිදුකරන අනතුර ( CCTV) සහිතයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.