ලලිත් චාමින්ද
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශය තුළ ජේලර් විවේකගාරයේ ඉදිරිපිට සිවිලිමේ තිබී ජංගම දුරකතන 06 ක් .සොයාගත් බැව් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .
කොළඹ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරකුටි අංශ පුර්ණ සොදිසියකට ලක්කරනු ලැබීය .
මෙකී මෙහෙයුමේ දී විශේෂ අංශයේ අපද්‍රව්‍ය බැහැර කරන කාණුව තුල පිළුණු බත් පාර්සලයක් තුල සඟවා තිබියදි ජංගම දුරකතනයක් හා අවට සොදිසි කිරිමේදි චාජර්,කේබල් ,පවර් බැන්ක් එකක් සහ වයර් කැබලි කිහිපයක් සොයාගෙන ඇත.
මෙම ද්‍රව්‍ය විශේෂ කාර්ය බලකා නිළධාරින් සන්තකයේ තිබී කොළඹ මුලස්ථානයට භාරදි ඇත.







