අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැය 10ක් විදුලිය කපනවා කී විදුලි ඉංජිනේරු සංමයේ සභාපතිට උපරිම විනය ක්‍රියාමාර්ග ගන්න බව ඇමති කියයි….

ඇමතිවරයාගේ මෙම ළදරු ප්‍රකාශයට හෙට නොරොච්චෝලේ දී උත්තර දෙනවා.... විදුලි ඉංජිනේරුවරු කියති!

by editor
දෙසැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • වෘත්තීය සමිතියක් වුනත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කටයුතු කළ නොහැකියි… නීතියෙනුත් කළ හැකි උපරිමය කරනවා.. – විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර

2023 වසරේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බව ඊයේ මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කළ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාට එරෙහිව පුලුවන් උපරිමයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග සහ නීතිමය ක්‍රියාමාර්ග  ගන්නා බව විදුලිබල ඇමති කාංචන විජේසේකර පවසයි.

අද (21)  විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා  සඳහන් කළේ විදුලි ඉංජිනේරු සංගමය වෘත්තීය සමිතියක් වුවත් ඊට ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කටයුතු කළ නොහැකි බවය.

විදුලි උත්පාදනයට ගල්අඟුරු සපයාගැනීමේ දී පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ මෙගා වොට් 300ක් පද්ධතියට අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ  පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු දෙමින් මාධ්‍ය හමුවක් කැඳවූ බලශක්ති ඇමති කාංචන විජේසේකර කීවේ මෙම ප්‍රකාශය කළ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාට එරෙහිව නීතිපති උපදෙස් සහිතව හැකි උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙස විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවය.

ඇමතිවරයා මෙසේ  ද පැවසුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ඊයේ සවස ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා විසින්  නොරොච්චෝලෙ බලාගාරයේ  පද්ධති තුනම  ජනවාරි මාසයේ පළමු සතියේ දී වසා දමන බවටත්, පැය 10 -12ක විදුලි කප්පාදුවකට අනිවාර්යයෙන්ම යන බවටත් කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්.“

“එළඹෙන අවුරුද්දෙ අපේ සැලසුම ඇතුළෙ අවස්ථා තුනක් තියනවා ගල් අඟුරු බලාගාරය අපි නඩත්තු කටයුතු නිසා වහන. එක යුනිට් එකක් මැයි මාසෙ ඉඳලා දින 180ක කාලයක් වසා දමා නඩත්තු කටයුතු කරන්න යෝජනා වෙලා තිබුණා. මේවා නඩත්තු කටයුතු  සඳහා වසා දැමීමට තීරණය කරද්දි ඉන් උත්පාදනය කරන විදුලිය වෙනුවෙන් වෙනත් විකල්ප බලාගාරවලට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි කැලණිතිස්ස සපුගස්කන්ද අතුළු  අනෙකුත් බලාගාර පාවිච්චි කරන්නෙ. “

“බලාගාර තුනේම කටයුුතු එකවර නතර කරන්න කිසිලෙසකින්වත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එහෙම අවශ්‍යතාවයක් ඇතිවෙන්නෙත් නෑ. එය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. “

“ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා විදිහට කළ ඒ බරපතල අසත්‍ය ප්‍රකාශයට එරෙහිව අමත්‍යාංශය හැටියට නිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඊයේ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් දුන්නා  අමාත්‍යාංශ ලේකම්වරයාටත් උපදෙස් දුන්නා නීතිපතිවරයාගේ පවා උපදෙස් අරගෙන ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න… පුලුවන් උපරිම විනයානුකූල සහ නීත්‍යානුකූල පියවර ගන්න කියන එක. “

“මොකද මේකෙ විනයක් තිබිය යුතුයි වෘත්තීය සමිතියක් වුනත්… වෘත්තීය සමිතියක් වුනත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කටයුතු කළ නොහැකියි. “

ඇමතිවරයාගේ මෙම ළදරු ප්‍රකාශයට පිළිතුර හෙට නොරොච්චෝල විදුලි බලාගාරය ඉදිරිපට පැවැත්වෙන විරෝධතාවයේ දී ලබා දීමට කටයුතු කරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිඳගල පොඩිනමට වස තබා පැරසිටමෝල් පෙත්තක්වත් පොවලා නෑ… වෛද්‍ය වාර්තා සනාථ කරයි..

Next Post

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර විශේෂ අංශයේ ජේලර් විවේකාගාරය ඉදිරිපිට සිවිළිම මත දුරකථන 06ක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.