සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුදු සර්… මේ ආතල් හොඳටෝම ඇති…

by editor
ඔක්තෝබර් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ගමේ කසිප්පු කාරයෙක් ගෙදරට ගොස් කුදලාගෙන එන්නා සේ වෙනත් රටක සිටිනා පාතාල අපරාධ කරුවෙක් රැගෙන එන්නට නොහැකි බව පොලිසියේ නිලධාරීන් පමණක් නොව මේ රටේ  යම් අවබෝධයක් ඇති සාමාන්‍ය මිනිස්සුත් දනිති.  පසුගිය වකවානුව පුරාම පිට රට සිට දිවයිනට ගෙනා සියලුම අපරාධකරුවන්  රැගෙන ඒම පසුපස දැවැන්ත නෛතික මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් තිබේ.

ලංකාවට රැගෙන ආවාට පසු කුමක් සිදුවුව ද  පසුගිය රජයන් කාලයේ දී ද  ඒ තීව්‍ර මෙහෙයුම් දියත් විය. ගම්පහ ඔස්මන් ජපානයේ සිට ලංකාවට රැගෙන ඒම, වෙලේ සුදා සහ මොහොමඩ් සිද්දීක් ගෙන්වීම, මධුෂ් ඇතුළු පාතාලයන් ගෙන්වා ගැනීම, හරක්කටා සහ කුඩු සළිඳු ගෙන්වීම, පද්මේ ඇතුළු කණ්ඩායම රැගෙන ඒම මෙන්ම ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම ලංකාවට ගෙන්වා ගැනීම දක්වා වූ සිදුවූ  සෑම මෙහෙයුමක්ම නොපෙනන දක්ෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැලසුම් සහගතව දියත් කළ දීර්ඝ කාලීන අන්තර්ජාතික සම්බන්ධීකරණ  මෙහෙයුම්වල සහ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවල රටට පෙනුනු කෑල්ලය.

දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා අපරාධකරුවන් මෙරටට රැගෙන ඒම  සඳහා ලංකාවෙන් නිලධාරින් කීප දෙනෙක් යවන්නේය. ඒ යවන නිලධාරීන් බොහෝ විට මාධ්‍යයට නිරාවරණය වෙන්නේය. අවසානයේ ඔවුන්ගෙන් ඇතැමෙක් තනි අලින් සේ පෙන්වමින් සමාජ මාධ්‍ය හරහා උස්සන අමුතු වැඩක් ද රටට පේන්නේය.  අවසානයේ ඒ මෙහෙයුම් “අහවලාගේ වැඩක්”  ලෙස නම් කෙරෙන මට්ටමට ලඝු වන්නේය

එසේ අහවලාගේ මෙහෙයුම්  නිරුවත් වුන අවස්ථා දෙකක්ද පිට පිටම සිද්ධ වුනේය. තමන්ගේ නමින් මෙහෙයුමක බර ලියා ගන්නට  අපේ ඇත්තෙක් කළ ලාබ උත්සාහයක කෙළවර ඉන්දුනීසියාවේ දී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම අත් අඩංගුවට ගත් ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්දුනීසියානු ආරක්ෂක අංශවලට නිකුත් කරන්නට සිදුවිය.

මෙහෙයුම ගැන අපට කී කතාව මෙසේය. අපේ නිර්භීත කොල්ලන් ඉන්දුනීසිවේ දී වෙස්වලාගෙන පාරවල්වල ඇවිදින්නේය.  පද්මේලා සිටි ලොකේෂන් එක වටේ නොකා නොබී සැරිසරන්නේය. අන්තිමට පද්මේ දුටු ගමන් ඉන්දුනීසියානු පොලිසියට කෝල් කර ගෙන්වා ගෙන කස්ටිය ඇරස්ට් කරගන්නේය. පද්මේ  පසුව සර්ව හඳුනා ගන්නේය. ”  සර් එයි කියලා මම හිතුවා…” පද්මේ   කියන්නේය.  ඒත් ඒ ලස්සන කතාව කුඩු පට්ටම් වන්නේ ඉන්දුනීසියානු ආරක්ෂක අංශ මෙහෙයුමේ වීඩියෝ එළියට දැම්ම පසුය.   මේ කී සර්ලා  මෙහෙයුමට සම්බන්ධ වන්නේ ඔවුන් රැඳී සිටි ස්ථානයට අපරාධකරුවන් අත් අඩංගුවට ගෙන රැගෙන ආ පසු අපරාධකරුවන් හඳුනා ගැනීමටය. සර්ලාට උන් බාර දෙන්නේත් නැත. පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවෙන් ලංකාවට එන්නේය. අපරාධකරුවන් රජයට බාර දෙන්නේ ඔවුන්ය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

නේපාලයේ දී සෙව්වන්දි අත් අඩංගුවට ගත්තේය. ඒ අත් අඩංගුවට ගත් අපරාධකරුවන් රැගෙන එන්නට අපේ නිලධාරියෙක් ගියේය. මාර වැඩේය. නිලධාරියා සෙව්වන්දිගේ නිවස සොයාගෙන ගිය බවත්  සෙව්වන්දි   “සර් එයි කියලා හිතුවා…” කියා කියූ බවක් අපේ මාධ්‍යවල පලවුනේය. සර් එනතුරු අත් අඩංගුවට පත් වෙන්නට සෙව්වන්දි මේකප් කරගෙන නිවසේ  බලාගෙන සිටියේ දැයි හිතුනේ අත් අඩංගුවට පත්වන අවස්ථාවේ ඇයගේ රූප රාමු දකින විටය.  ගෙදරට ගිය සර් කෙනෙක් නැති බවත්, නේපාල ආරක්ෂක අංශ ශ්‍රි ලංකාවේ බුද්ධි අංශ සහ ඉන්දියානු බුද්ධි අංශ එක්ව දියත් කළ සූක්ෂම මෙහෙයුමකින් අනතුරුව සෙව්වන්දි නිවසින් එලියට ගෙන අත් අඩංගුවට ගත් ආකාරය සහ නේපාල පොලිසියේ කාර්ය කොටසත් නේපාලයේ දේශීය මාධ්‍යවල වාර්තා වුනේය. කරුමෙකට මෙන් ඒවා අපටත් කියවන්නට ලැබුනේය.

දැන් අපට කියන්නට තියන සාධාරණ ඇත්ත මෙයය. රට වෙනුවෙන්  රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්, අන්තර්ජාතික  නීති රාමුව තුළ සිදුවන  මෙහෙයුම් ලෝකය ඉදිරියේ හෑල්ලු නොකර  දෙයියන්ගේ නාමයෙන්  මෙහෙයුමකට පසු ගොබ්බ ටෝක් හරහා “තනි අලින්” නිර්මාණය කිරීමේ මෝඩ චූන් දීම පොලිසිය විසින්ම වැලැක්විය යුතු බවය.  රාජ්‍ය තාන්ත්‍රික අවබෝධය හරහා සිදුවන මෙහෙයුමකදී නිසි ගෞරවය අදාල මෙහෙයුම් කණ්ඩායම්වලට නොලැබීම ඉදිරියේ දී රටට අයහපත් ලෙස බලපෑමේ අවදානමක් ද ඇති විය හැකි බවය.

මේ ආකාරයේ මෝඩ චූන් ගෙන ප්‍රමෝදයට පත් වු පොලිස් නිලධාරීන් කරන බරපතල ගොංකම් ගැන ද වාර්තා වන්නේ  පොලිසියේ අවධානය ඒ ගැන බරපතල ලෙස යොමු විය යුතු බව අඟවමිනි.    තත්ත්වයන් වහාම පාලිත තත්ත්වයකට ගන්නට අපොහොසත් වුවහොත් වැඩේ කොතැනින් කෙළවර වේ දැයි සිතා ගත නොහැකි බව අපට සිතෙන්නේය.

සෙව්වන්දි රටට ගෙන්වා ගත් නේපාල මෙහෙයුමට දින කීපයකට පෙර ඉතාම රහසිත මෙහෙයුමක් සඳහා අපේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බැංකොක් ගිය බව වාර්තා වුනේය. දැනගන්නට ඇති පරිදි පුද්ගලික තොරතුරක් මත පාතාල අපරාධකාරයෙක් අත් අඩංගුවට ගැනීම මේ බැංකොක් ගමනේ නිමිත්තය. ඉතාම රහසිගත බැවින් මෙහෙයුමේ කිසිම තොරතුරක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව මෙහෙයුම් නිලධාරීන් කී බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිශ්චිත දැනුම්වත්වීමක සිටියේ නැති බවත් වාර්තා වන්නේය.

මේ වනවිට හුවමාරුවන ආරංචිවලට අනුව බැංකොක් හි සැරිසරන බව කියන අපරාධකරුවන් කීප දෙනෙකි. ඉන් ප්‍රධාන චරිතය මතුගම ශාන්ය.

පොලිස් කණ්ඩායම දවස් කීපයක් බැංකොක් ගත කර හිස් අතින් එන්නේය. අත් අඩංගුවට ගත් අපරාධකාරයෙක් නැත. එසේ අත් අඩංගුවට ගන්නටත් පුලුවන්කමක් නැත. ගමේ කසිප්පු කාරයෙක් අල්ලනවා සේ පිටරටක ඉන්න අපරාධකරුවෙක් අත් අඩංගුවට ගැනීමට නොහැකි බව මේ පොලිස් කණ්ඩායමට කියා දෙන්නට පොලිසියේ එකෙක් නොසිටිය හේතුව ගැන අපට කල්පනා වෙන්නේය. මේ ආතල් දීම පොලිසිය විසින් නැවැත්විය යුතු බවට වූ යෝජනාව පමණක් දැන් අපට ඇත්තේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවුරුදු 25ක් තුළ ඝාතනය වුන පලාත් පාලන ආයතන මන්ත්‍රීලා වැඩි දෙනෙක් “පාතාලයේ සොල්දාදුවො”… පොලිස් වාර්තා කියන කතාවක්!

Next Post

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුයි… බන්ධනාගාර කොමසාරිස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.