බිහිසුණු මරණය. වීදිවල සිරුරු විසරී ගොස්ය. දැවැන්ත විනාශයකින් අනතුරුව රුසියානු හමුදා ප්‍රධාන දකුණු නගරය වන කේරසන්හි බලය තහවුරු කර ගත්තේය. මේ ඔවුන්ගේ යුද්ධයේ පළමු අත්පත් කරගැනීමය. කෙර්සන් යුක්රේනයේ වරාය නගරය ය.
රුසියානු හමුදා යුක්රේනයේ අනෙකුත් නගර වටලනු ලැබූ ඇත. තුවාලකරුවන් සහ විනාශය වැඩිවෙමින් පවතී. රට පුරා සිවිල් ඉලක්ක වෙත දැවැන්ත බෝම්බ හෙලීම වේගවත් කරමින් තිබේ. අගනුවර වන කියෙව් හුදකලා කර ඇත.
යුක්රේන සිවිල් වැසියන් සහ සටන්කාමීන් 300ක් පමණ පසුගිය දින කිහිපයේ මිය ගියහ. කළු මුහුද අසල ඩිනිපර් ගඟ ආසන්නයේ ධරුණු සටන් ඇවිලී තිබිණි.
“මෙහි යුක්රේන හමුදාවක් නෑ,” නගරාධිපති ඊගෝර් කොලිකෙව් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. “නගරය වට කර හමාරයි.”
අනෙකුත් රුසියානු හමුදා රටේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් සහ මරියුපොල් වරාය නගරය වටලා සිටී. දැවැන්ත ප්‍රහාරයක් සඳහා පැහැදිලිවම සූදානම් වෙමින්, විශාල හමුදා වාහන පෙළක් කියෙව්ට උතුරින් ස්ථාන ගත කර තිබේ.
නැව් තැනීමේ මධ්‍යස්ථානයක් වන කෙර්සන් හි පාලනය සඳහා වූ සටන, අවසානයේ ශේෂ වී ඇත්තේ නගර වීදිවල විසිරී ගිය මළ සිරුරුය. , විදුලිය ඇනහිට ඇත. ජලය ස්වල්පයක් සහ සුළු ආහාර ප්‍රමාණයක් ඉතිරි වූ බව නගරාධිපති කොලිකෙව් පවසා තිබිණි.
මේ යටිතල පහසුකම් යථාවත් කිරීම සඳහා ගිය නඩත්තු සහ සුභ සාධන සේවකයින් රුසියානු ස්නයිපර් වෙඩික්කරුවන්ගේ ප්‍රහාරයට ලක් වී මිය ගොස් ඇතැයි ඔහු කීවේය .
නගරයට ප්‍රහාර එල්ල කරන හමුදාපතිවරයා ඇතුළු සන්නද්ධ රුසියානු නිලධාරීන් 10 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් නගර ශාලාවට ඇතුළු වී හමුදා පරිපාලනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව තමන්ට දන්වා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
රුසියානු හමුදා මෙම අත්පත් කරගැනීමත් සමග යුක්රේනයේ මුළු කළු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමට උත්සාහ කරන බව පෙනේ. එය ලෝක නාවික ගමනාගමනයෙන් වෙන් වූ කලාපයක් වනු ඇති බව ජාත්‍යාන්තර මාධ්‍ය දක්වයි.
එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව සතියක් තුළ මිලියනයකට වැඩි පිරිසක් යුක්රේනයෙන් පලා ගොස් ඇත. යුක්රේනය සමඟ දෙවන වටයේ සාකච්ඡා අද බෙලරුස්හිදී පැවැත්වෙනු ඇත