ලලිත් චාමින්ද –
ක්‍රිඩා අමාත්‍යංශය හා ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසර තුන තුළ (2020,2021,2022) රුපියල් බිලියන 04කට වඩා වැඩි වියදමක් දරා ව්‍යාපෘති 26ක් ක්‍රියාත්මක කොට තිබුනද ඉන් ව්‍යාපෘති 10ක් අතරමග අත්හැර දමා ඇති බැව් රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභා රැස්විමේ දී අනාවරණය වි ඇත.
මෙම ව්‍යාපෘති තෝරා ගැනීම නිසි ශඛ්‍යතා අධ්‍යයනයකින් තොරව සිදුකොට ඇති බවත් මින් කිසිදු ව්‍යාපෘතියක් ප්‍රමුඛතා අනුපිළිවෙළ අනුව හඳුනාගෙන නොමැති බවත් ගිණුම් කාරක සභා රැස්විමේ දි අනාවරණය වි තිබේ.
ක්‍රිඩා අමාත්‍යංශය විසින් මෙම ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස බිලියන 02ක මුදලක් සහ ක්‍රිඩා සංවර්ධන දේපාර්තමෙන්තුව විසින් ප්‍රාග්ධන වියදම් ලෙස බිලියන 02කට වඩා වැඩි මුදලක් වැයකොට තිබුණි.
විගණකාධිපති දේපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘති කිහිපයක් භෞතිකව විමර්ශනය කොට ඇත. ඒ අනුව සිමිත අරමුදල් කිසිදු අධ්‍යයනයකින් තොරව පුමුඛතා පිළිවෙළකට අනුව වියදම්කොට නොමැති බවද මෙම කාරක සභා රැස්විමේ දි අනාවරණය විය.
ව්‍යාපෘති සඳහා විශාල මුදලක් වැය කොට වසර ගණනාවක් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව පවතින බවත් මෙම ව්‍යාපෘති පිළිබඳ ක්‍රිඩා අමාත්‍යංශයෙන් ලබා දි ඇති පිළිතුරු පිළිබඳ සැහිමකට පත්විය නොහැකි බවත් රාජ්‍ය ගිණුම්කාරක සභා රැස්විමේ දි අනාවරණය විය.







