ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් රුපියල් බිලියන 39ක් වටිනා වෛද්‍ය උපකරණ අඩංගු බහාලුම් 100ක් රටට අහිමි වී ගිය බවත් රටට පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් සහිත වෙනත් බහාලුම් 10ක් ගෙන්වා ගැනීමට මහජනතාවගෙන් සහය ඉල්ලීමට රෝහල් සේවා මණ්ඩලය තීරණය කර ඇති බවත් එහි අධ්‍යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමියෝ පැවසූහ.
මෙම වෛද්‍ය උපකරණ තොගයත් රටට අහිමි වී යෑමට පෙර ජනතාව අභියසට යෑමට තීරණය කළ බව උන්වහන්සේ කීහ. බහාලුම් රඳවා ගැනීම් ගාස්තු කෙසේ හෝ ගෙවා ගැනීම සඳහා මහජනතාව සමග එක්ව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් සුභූති හිමියෝ කීහ.
මෙම බහාලුම් 10 තුළ අඩංගු වෛද්‍ය උපකරණ උතුරු, නැගෙනහිර සහ දකුණු පළාතේ රෝහල්වෙත බෙදා හැරීමට අදහස් කරන බවද උන් වහන්සේ පැවසූහ.
මේ සදහා මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට හැකි අයෙක් වෙතොත් ලංකා බැංකුවේ , 0071988321 යන ගිණුම් අංකයට මුදල් තැන්පත් කළ හැකිය බව රෝහල් සේවා මණ්ඩලය සඳහන් කරයි.