ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ විස්සක් රැගත් නෞකාව අද දිවයිනට ලඟා වීමට නියමිතය.
අද උදෑසන ඉන්දියාවෙන් පිටත්වන නෞකාව අද රාත්‍රී කාලයේ දී කොළඹට ලඟා වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මෙම බිත්තර ආනයනය තීරණය ගෙන ඇත්තේ දේශීය වෙළෙඳපලේ බිත්තර මිල ඉහළ යෑමට පිළියමක් වශයෙනි.
ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික ලංකාසරට ප්‍රකාශයක් කරමින් කීවේ ක්ෂේත්රයේ රැඳුනු දහස් සංඛ්‍යාත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් බිත්තර කර්මාන්තයෙන් ඉවත් කර රටේ ආර්ථිකයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන පළමු අනුවණ තීරණය අද මේ ආණ්ඩුව විසින් ප්‍රායෝගික කර ඇති බවය.







