බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණි පසු පොදුජන පෙරමුණට දේශපාලන නායකත්වය දෙන බවත් අපේක්ෂා සහගත වන ලෙසත් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් අද පොලොන්නරුවේ දී ජනතාවට පැවසුවේය.
ඔහු පවසා සිටියේ පොදුජන පෙරමුණ යලි ප්‍රතිසංවිධානය වන්නේ බැසිල් රාජපක්ෂ යටතේ බවය.
පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයා ලෙස මින් පෙර කටයුතු කළේ ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහය. ඔහු වෙනුවට නව නායකයා ලෙස සිරිපාල ගම්ලත් අද පොදුජන පෙරමුණෙන් පත් කෙරිනි.







