අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල ඖෂධ රට මළගෙයක් කරන විට ඖෂධ නියාමන අධිකාරියේ සිටි ඖෂධවේදීන් 22 මාරු කළේ ඇයි?… ඖෂධවේදීහු හේතුව කියති!

Unexplained transfers of experienced pharmacists raise concerns over regarding the National Drug Control Board

by editor
ජූනි 17, 2023
in පුවත්
NMRA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධව බරපතල ගැටලු නිර්මාණය වෙමින් ඇත. නිර්වින්ද ඖෂධවල මාරක බලපෑමෙන් මාස දෙකක් දැඩි සත්කාර ඒකකයේ සිටි ගුරුවරියක ඊයේ  (17) දිනයේ දි  මිය ගියාය. මින් පෙර එවැනි මරණ 02ක් වාර්තා වි තිබිණි.

අක්ෂි ශල්‍යකර්මවලින් අනතුරුව අනිවාර්ය ඖෂධයක් වූ දියර ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධය  සඳහා ඉන්දියාවෙන්  ගෙන්වූ බාල ඖෂධය භාවිතයෙන් විසි දෙනෙකුට අධික පිරිසකගේ ඇස් අන්ධ විය. තවත් විශාල පිරිසකට අක්ෂි සංකූලතා මතුවූයේය.  

 ඖෂධවල තත්ත්වය පිළිබඳ මෙවැනි බරපතල තත්ත්වයක් රට තුළ ඇති වි තිබිය දී   ඖෂධවල තත්ත්වයන් පරික්ෂා කිරීමට සිටි ඖෂධවේදීන් 22 දෙනෙකුම හිටි හැටියේ සෞඛ්‍ය අමාත්‍යංශයට මාරු කිරිමට  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා තීරණය කළේය .

‌මේ මාරුකිරීම සම්බන්ධයෙන් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර  රණවීර  ලංකාසරට අදහස් දක්වමින් මේසේ පැවසීය. 

“ පසුගිය මැයි  28 වෙනාදා ඖෂධවේදීන්ගේ සංගම‌යේ මහ සභාව රැස්වුණා. එතනදී සංගමයේ සභාපතිවරයා හැටියට මාව තෝරාගත්තා. මම  ජාතික ඖෂධ නියාමන  අධිකාරියේ තත්ත්වපාලන රසායනාගාරයේ ඖෂධවේදියෙකු ලෙස සේවය කරමිනුයි සිටියේ. මට අධිකාරියේ සභාපතිවරයා ජූනි 8 වෙනිදා  ලිපියකින් දන්වනවා නියාමන අධිකාරියේ රාජකාරිවලින් නිදහස් කලා මගේ බඩු බාහිරාදිය භාරදෙන්න කියලා. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් මාව නිදහස් කළේ කොහාටද කියලා ඒ ලිපියේ සදහන් කරලා තිබුනේ නැහැ ඒ අතර ඉතිරි ඖෂධවේදීන් 22ක්  පසුගිය 12 වෙනිදා  නිදහස් කරනවා. පසුව තමයි  දැනගත්තේ අපි ව සෞඛ්‍ය අමාත්‍යංශයට මාරුකරලා කියලා.  හේතුව මොකක්ද දන්නේ නැහැ.

 අපිට හිතෙන්නේම සෞඛ්‍ය  අමාත්‍යංශය‌ට නිදහස් කල ඖෂධවේදීන්ගෙන් පිරිසක් ආයතන පරිපාලනය ‌ ගෙන යන අනීතික වැඩවලටම මුළුමනින්ම විරුද්ධයි. ඒ අයව මෙතැනින් මාරු කරලා තමන් හිතවත් අය ව තියා ගත්තොක් අනීතික වැඩ වඩලට ඉතාමත් පහසුයි. ඒ නිසා අපිව සෞඛ්‍ය අමාත්‍යංශය නිදහස් කරන්න ඇති. 

අනික තවත් දෙයක් තියෙනවා කියන්න . සෞඛ්‍ය අමාත්‍යංශයට නිදහස් කල පිරිසෙන් ආයතන පරිපාලනයට හිතවත්   කීපදෙනෙකුත් ඉන්නවා. ඒ අයව පසුව නැවත අධිකාරියට අනුයුක්ත කර ගැනීම සදහා කූඨ වැඩ පිළිවෙලකුත් ක්‍රියාමත්කම කරනවා. ඒ වැඩපිලිවෙල නීත්‍යානුකූල මුහුණුවරකින් ක්‍රියාත්මක වෙන්නේ.”

ජාතික ඖෂධ නියාම අධිකාරියේ තත්ත්වපාලන රසායනාගාරය තුල සිටින දැනුමෙන් හා අත්දැකීම්වලින් පරිපූර්ණ ඖෂධවේදීන්  වෙනත් ආයතනයන් වෙත නිදහස් කරමින්    ආයතන පරිපාලනය  මේ නටන්නට සැරසෙන කස්තිරම කුමක්ද යන්න පිලිබදව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නිදහස් කළ ඖෂධවේදියෙකු සදහන් කළේ. 

“ ත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙනැල්ලා රෝහල්වෙත බෙදා හැරීම දිගින් දිගටම සිදුවෙන දෙයක්. නමුත් අපේ කන්ඩායමේ කීපදෙනෙකු මෙයට ඉඩදුන්නේ නැහැ. අපි හැමවිටම ආයතන පරිපාලනයේ  අනීතික වැඩවලට හරස් වුණා. නමුත් අපේ ඇස් වහලා සමහර ඖෂධ රෝහල්වෙත බෙදා හෑරිය අවස්ථාවන් තිබුණා.  අපිවගේ කීපදෙනෙකු මෙතැන ඉන්න එක ඒ අයගේ හොර වැඩවලට බාධාවක් ඒ නිසා තමයි අපිව මාරුකළේ.  ඔබටත් මටත් ඔබේ දරුවාටත් මගේ දරුවාටත් හෙට දිනයේදී බොන්න වෙන්නේ බෙහෙත් නොවෙයි වස  ”  

 සාමාන්‍යයෙන් තත්ත්ව පාලන රසායනාගාරය තුල සේවය කිරීමට ඖෂධවේදියෙකුට විදේශ පුහුනුවක් ලබා දී විශේෂඥ දැනුමෙන් සන්නද්ධ කරන බවත් . මේ වන විට විශේෂඥ පුහුණුව ලැබූ නිලධාරීන් සියල්ලම පාහේ සෞඛ්‍ය  අමාත්‍යංශය වෙත නිදහස් කර ඒ වෙනුවට  විදේශ පුහුණුවක් නොමැති මෙරට වසරක පුහුණුවක් සහිත ඖෂධවේදීන් 10‌ දෙනෙකු යොදවා ඇති බවත් ඖෂධවේදීහු කියති.  

‍ජාතික ඖෂධ නියාමන අධිකාාරිය තුල පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පවතිද්දී බවද ඖෂධවේදීන්ගේ සංගමය පෙන්වාදේ. ඔවුන් පවසන  අන්දමට ඖෂධවේදීන් 137 සිටිය යුතු ස්ථානයන්ගේ සිටින්නේ 26 දෙනෙකු .

ඖෂධ තත්ත්වපාලන  රසායනාගාර තුළ ඖෂධවේදීන් 60ක් සිටිය යුතු වුවද ඇත්තේ 10 දෙනෙකි. සංගමය පෙන්වා දෙන පරිදි මොවුන් විදේශීය විශේෂඥ පූහුණුවත් ලබා නොදුන් අය වේ. මෙතෙක් කලක් මේ පිරිස දැනුම ලබා ගෙන ඇත්තේ ද මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත මුදාහැර ඇති ඇතැම් ජ්‍යෙෂ්ඨ  ඖෂධවේදීන්ගෙන් බව ඖෂධ වේදිහු පවසති.  

 

                            

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීට සීනිගම දේවාලය ඉදිරිපිට වෙඩි තැබුවේ පාතාල කොන්ත්‍රාත්තුවකට… පොලිසිය සැක කරයි!

Next Post

කිඹුලාඇලේ ගුණා, පූකුඩිකන්නා, ලිඩියා, කෙනඩි, ධනුක, වැල්ලේ සුරංග ඇතුළු අපරාධකරුවන්  10කට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන අංශය චෝදනාපත්‍ර භාරදෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.