සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යයේ නව රජු තුන්වන චාල්ස් සහ රජ පිළිවෙත….

by editor
සැප්තැම්බර් 10, 2022
in පුවත්
Charls
Share on FacebookShare on Twitter

බීබීසී –

රැජින මියගිය මොහොතේ දී, සිංහාසනය වහාම උත්සවයකින් තොරව එහි උරුමකරු වන හිටපු වේල්ස් කුමර චාල්ස්ට හිමිවිය.

එහෙත් රජු ලෙස අභිෂේක ලැබීම සඳහා ඔහුට පිළිපැදිය යුතු ප්‍රායෝගික හා සාම්ප්‍රදායික පියවර ගණනාවක් තිබේ.

ඔහු අමතනු ඇත්තේ කෙසේ ද?

ඔහු තෙවන චාල්ස් රජු ලෙස හැඳින්වෙනු ඇත.

නව රජුගේ පාලන සමයේ පළමු තීරණය එය යි. ඔහුට ඔහුගේ නම් සතරෙන් – චාල්ස් ෆිලිප් ආතර් ජෝර්ජ් – ඕනෑම එකක් තෝරාගැනීමේ හැකියාව තිබිණි.

ධුරය වෙනස් කිරීමකට මුහුණදෙන්නේ ඔහු පමණක් නොවේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු සිංහාසනයේ උරුමකරු වුව ද, විලියම් කුමරු ඉබේ වේල්ස් කුමරු බවට පත්නොවනු ඇත. කෙසේ වෙතත්, ඔහු ඔහුගේ පියාගේ අනෙක් පදවිය වන කෝන්වෝල්හි ආදිපාද පදවිය ක්ෂණයෙන් හිමිවේ. ඔහුගේ බිරිඳ කැතරින් කෝන්වෝල්හි ආදිපාදවරිය ලෙස ඇමතෙනු ඇත.

චාල්ස්ගේ බිරිඳ සඳහා ද නව ධුර නාමයක් හිමිවනු ඇත. සම්පූර්ණ ධුර නාමය වනුයේ ‘ක්වීන් කොන්සෝට්’, එනම් ‘රාජ මෙහෙසිය’ යන්න යි – ‘මෙහෙසිය’ යනු රජතුමාගේ සහකරු හෝ සහකාරිය සඳහා භාවිතා කරනා යෙදුම යි.

චාරිත්‍රානුකූල උත්සව

ඔහුගේ මවගේ මරණයෙන් පසු ඉකුත්වන පළමු පැය 24 ඇතුළත චාල්ස් නිල වශයෙන් රජු ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබේ. මෙය සිදුවන්නේ ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාළිගයේ, ‘ප්‍රාප්ති කවුන්සිලය’ නම් චාරිත්‍රානුකූල මණ්ඩලයක් ඉදිරිපිට දී ය.

මෙය, පෙරෙවි මඬුල්ලේ සාමාජිකයින් – හිටපු සහ වර්තමාන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සහ වංශාධිපතීන් – මෙන්ම ඇතැම් ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයින්, පොදුරාජ්‍ය මණ්ඩලීය මහ කොමසාරිස්වරුන් සහ ලන්ඩනයේ නගරාධිපති සාමිවරයාගෙන් සමන්විත වේ.

න්‍යායාත්මකව ගතහොත් 700කට වැඩි පිරිසකට මෙම අවස්ථාවට සහභාගීවීමට හිමිකම් කියන නමුත්, මෙය කෙටි දැනුම්දීමකින් සිදුවීම නිසා අවස්ථාවට සහභාගී වන සත්‍ය සංඛ්‍යාව බෙහෙවින් අඩුවිය හැකි ය. 1952 දී පැවැත්වුණු අවසන් ප්‍රාප්ති කවුන්සිලයට 200ක් පමණ දෙනා සහභාගී වූහ

සාම්ප්‍රදායිකව, රජු මීට සහභාගී නොවේ.

රැස්වීමේ දීමඬුල්ලේ සභාපති සාමිවරයා (වර්තමානයේ දී මන්ත්‍රිනී පෙනී මෝර්ඩෝන්රී) විසින් එළිසබෙත් රැජිනගේ මරණය ප්‍රකාශයට පත්කරනු ලබන අතර, ප්‍රකාශ පත්‍රයක් ශබ්ද නඟා කියවනු ලැබේ.

ප්‍රකාශ පත්‍රයේ වචන වෙනස්විය හැකි නමුත්, සාම්ප්‍රදායිකව එහි අඩංගුවන්නේ පෙර රජතුමා වෙත ප්‍රශංසා කෙරෙමින් නව රජතුමා වෙත සහාය දක්වනබවට දෙන ප්‍රතිඥා අඩංගු යාඥා සහ ප්‍රතිඥා මාලාවකි.

මෙම ප්‍රකාශය අගමැති, කැන්ටබරියේ අගරදගුරු, සහ චාන්සලර් සාමිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ තැනැත්තන් ගණනාවක් විසින් අත්සන් කරනු ලැබේ.

මෙම සියලු උත්සවවල දී මෙන්ම, නව යුගයක සලකුණක් ලෙස වෙනස් කිරීමට, අලුතින් එකතු කිරීමට හෝ යාවත්කාලීන කිරීමට හැකි දෑ කෙරෙහි අවධානය යොමුකෙරේ.

රජුගේ පළමු ප්‍රකාශය

සාමාන්‍යයෙන් මෙම අවස්ථාවෙන් දිනකට පසු ප්‍රාප්ති කවුන්සිලය නැවත රැස්වේ. මෙවර, පෙරෙවි මඬුල්ල සමග රජු ද සහභාගීවනු ඇත.

එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වැනි ඇතැම් රාජ්‍ය නායකයන් පත්වන අවස්ථාවන්හි දී මෙන්, බ්‍රිතාන්‍ය රජෙකුගේ පාලන සමය ආරම්භයේ දී “දිවුරුම්දීමක්” සිදුනොවේ. නමුත් නව රජු විසින් ප්‍රකාශයක් සිදුකෙරෙන අතර – 18 වැනි සියවසේ මුල්භාගයේ සිට පැවැත එන සම්ප්‍රදායට අනුකූලව – ඔහු ස්කොට්ලන්ත පල්ලිය ආරක්ෂා කිරීමට දිවුරුම් දෙනු ඇත.

ට්‍රම්පට් වාදනයකින් පසු, චාල්ස් නව රජු ලෙස ප්‍රකාශයට පත්කරන ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකෙරේ. මෙය සාන්ත ජේම්ස් මාළිගයේ ෆ්‍රයරි කෝට් අංගනයට ඉහළින් ඇති සඳලුතලයේ සිට ‘ගාටර් කිං ඔෆ් ආර්ම්ස්’ නම් නිලධරයෙකු විසින් සිදුකරනු ලැබේ.

1969 දී දෙවන එළිසබෙත් රැජිණ ඇගේ පුත් චාල්ස්ට වේල්ස් කුමරු ලෙස කිරුළු පැළඳුවා ය….

ඔහු හඬනගා මෙසේ අමතනු ඇත: “ගෝඩ් සේව් ද කිං” (දෙවියෝ රජු රකිත්වා); එසේම, 1952න් පසු ප්‍රථම වතාවට ජාතික ගීය වාදනය කරන විට “ගෝඩ් සේව් ද කිං” යන වචන ගායනා කෙරෙනු ඇත.

හයිඩ් පාර්ක්හි දී, ලන්ඩන් කුලුනේ දී සහ සහ නාවික හමුදා නෞකාවල දී තුවක්කු ආචාර වෙඩිමුර පවත්වනු ලබන අතර, චාල්ස් රජු ලෙස ප්‍රකාශ කෙරෙන ප්‍රකාශ පත්‍රිකාව එඩින්බරෝ, කාඩිෆ් සහ බෙල්ෆාස්ට්හි දී කියවනු ලැබේ.

රාජාභිෂේකය

ප්‍රාප්තියේ සංකේතාත්මක උච්චාවස්ථාව වනුයේ චාල්ස් වෙත නිල වශයෙන් ඔටුනු පළඳවන රාජාභිෂේකය යි. මේ සඳහා සූදානමක් අවශ්‍ය හෙයින්, චාල්ස් ප්‍රාප්තියට පත්වන ඉක්මණින් රාජාභිෂේකය සිදුනොවනු ඇත – එළිසබෙත් රැජින 1952 පෙබරවාරි මාසයේ දී සිංහාසනයට පත්වූ නමුත් 1953 ජුනි වන තෙක් කිරුළු පැළඳ සිටියේ නැත.

පසුගිය වසර 900 පුරා ඔටුනු පැළඳීම සිදුකෙරුණේ වෙස්ට්මිනිස්ටර් ඇබීහි දී ය – විලියම් ද කොන්කරර් එහි දී කිරුළු පැළඳි ප්‍රථම රජු වන අතර, චාල්ස් 40 වැනියා වනු ඇත.

එය කැන්ටබරියේ අගරදගුරුතුමා විසින් සිදුකරනු ලබන ඇංග්ලිකානු ආගමික සේවාවකි. උත්සවයේ උච්චතම අවස්ථාවේ දී ඔහු චාල්ස්ගේ හිස මත ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න පිහිටුවනු ඇත – එය 1661 සිට පැවතෙන ඝන රන් ඔටුන්නකි.

මෙය ලන්ඩන් කුළුණෙහි තබා ඇති ඔටුන්නේ ආභරණවල ප්‍රධාන ආභරණය වන අතර, රජු හෝ රැජිණ එය රාජාභිෂේකයේ දී පමණක් පළඳිනු ලබයි (එහි බර කිලෝග්‍රෑම් 2.23ක් වේ).

රාජකීය විවාහ මංගලෝත්සව මෙන් නොව, රාජාභිෂේකය රාජ්‍ය උත්සවයකි – එහි වියදම් රජය විසින් දැරෙන අතර අමුත්තන්ගේ ලැයිස්තුව ද එය විසින්ම තීරණය වේ.

චාල්ස් රජු කුඩා කළ සිය මව් රැජන සමග…

එහි සංගීත වාදනයන් හා ප්‍රකාශයන් කියැවීම් සිදුවනු ඇති අතර දොඩම් තෙල්, රෝස කුසුම්, කුරුඳු, කස්තුරි සහ ඇම්බර්ග්‍රිස් යොදාගනිමින් නව රජතුමා අභිෂේක කිරීමේ චාරිත්‍රය පැවැත්වෙනු ඇත.

උත්සවය නරඹන ලෝකයක් ඉදිරියේ නව රජු රාජාභිෂේක දිවුරුම ප්‍රකාශ කරනු ඇත. මෙම විස්තීර්ණ උත්සවයේ දී, ඔහුගේ නව භූමිකාවේ සංකේතයක් ලෙස ගෝලය සහ යෂ්ටිය ඔහුට ලැබෙනු ඇති අතර කැන්ටබරි අගරදගුරුවරයා ඝන රන් ඔටුන්න ඔහුගේ හිස මත තබනු ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලයේ නායක

චාල්ස්, ස්වාධීන රටවල් 56කින් සහ බිලියන 2.4ක ජනතාවකින් සමන්විත පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියාබවට පත්ව සිටියි. මින් රටවල් 14ක් සඳහා මෙන්ම එක්සත් රාජධානිය සඳහා ද රජු රාජ්‍ය නායකයා වේ.

‘පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්’ ලෙස හඳුන්වන මෙම රටවල් නම්: ඕස්ට්‍රේලියාව, ඇන්ටිගුවා සහ බාබුඩා, බහමාස්, බෙලීස්, කැනඩාව, ග්‍රෙනාඩා, ජැමෙයිකාව, පැපුවා නිව්ගිනියාව, ශාන්ත ක්‍රිස්ටෝපර් සහ නෙවිස්, ශාන්ත ලුසියා, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්, නවසීලන්තය, සොලමන් දූපත්, ටුවාලු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තටු කැපූ බව කී අලුත් රාජ්‍ය ඇමතිලාගේ තටු කැපිලම නෑ… ඇමතිවරු 37ට වාහන 222ක් වෙන් වෙයි…

Next Post

ඉතාලියට පමණක් දෙවැනි වෙන කාශ්මීරයේ මිදි වගාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.