බ්‍රිතාන්‍ය නව අගමැතිවරිය ලෙස ලිස් ට්‍රස් අද පත්වූවාය. ලිස් ට‍්‍රස් පක්ෂ නායකත්වය හිමිවී, අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ, තරේසා මේ සහ මාග‍්‍රට් තැචර්ගෙන් පසු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වන තෙවැනි කාන්තාව ලෙසයෙ.
අභ්‍යන්තර ඡන්ද විමසීමේ දී ඇය ටෝරි සාමාජිකයන් 81326 දෙනකුගේ ඡන්දය ලබා ගත් අතර රිෂී සුනාක්ට හිමි වූයේ 60,399කට ආසන්න ගණනකි.
ඒ අනුව 47 හැවිරිදි ලිස් ට‍්‍රස් ට අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූ අතර හෙට ඇය එම තනතුර නිල වශයෙන් භාර ගැනීමට නියමිතව ඇත.
විදෙස් මාධ්‍ය පැවසුවේ ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය භාරගනු ලබන්නේ රට තුළ උද්ධමනය, සේවක අර්බුද සහ ආර්ථිකය අවපාතයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක බවය.







