ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් වාර්තා කරමු.
මියයන විට හේ 94 වන වියේ පසු විය.
1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී 2002 වසර දක්වාම තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම්වරයා වශයෙන් අද්විතීය සේවයක් කර තිබේ.
ඒ අනුව ඔහු අගමැතිවරුන් 7 දෙනෙකු හා ජනාධිපතිවරු තිදෙනෙකු යටතේ ලේකම් ධුරයේ සේවය කර ඇත.
කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනය ලැබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජවිද්‍යාව විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලබා ගත්තේය.
ඔහු Fulbright ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක් හිමිකර ගත් අයෙකි.







