ලලිත් චාමින්ද –
බස්නාහිර පළාතේ පාසල් 256ක් සදහා රුපියල් හැට හත් කෝටි, හැත්තෑ තුන් ලක්ෂ, දස දහස් හත්සිය පනස් අටක් (677,310,758) වටිනා ටැබ් පරිඝණක 18,973ක් හා ආරෝපිත රාක්ක 535ක් ලබාදි ඇතත් ඉන් බොහොමයක් නිශ්කාර්යව හා ඌන උපයෝජිතව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවකින් අනාවරණය වි ඇත.
ලබාදි ඇති ටැබ් පරිඝණකවල වටිනාකම රුපියල් පනස් අට කෝටි, අනු ලක්ෂ, තිස් පන් දහස්, හත්සිය පනස් අටකි. (589,035,758) ආරෝපිත රාක්කවල වටිනාකම රුපියල් අට කෝටි, අසු දෙලක්ෂ, හැත්තෑ පන් දහසකි (88,275,000)
ටැබ් පරිඝනක උපයෝජනය කර එහි ප්‍රතිලාභ සිසුන්ට ලබා ගැනීමට හැකිවන ලෙස අවශ්‍ය උපදෙස් මාර්ගෝපදේශයන් ලබාදිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. ඉගෙනුම් ඉගැන්විමේ ක්‍රියාවලියට තාක්ෂණය බද්ධ කිරිම ඔනෑම පාඩමකට නොයෙක් අයුරින් සිදුකළ හැකිය. මේ පිළිබද ගුරුභවතුන් තවදුරටත් දැනුවත් කරණ බව අධ්‍යාපන අමාතංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත.
2017 වර්ෂයේ අයවැය යෝජනා අනුව උසස්පෙළ ගුරුවරුන්ට හා එම විෂය උගන්වන ගුරුවරුන්ට ටැබ් පරිඝණක ලබාදිමේ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ටැබ් පරිඝණක 96,919ක් සහ ආරෝපිත රාක්ක 2639ක් මිලදි ගෙන තිබුණි. පසුව මෙහි අරමුණ වෙනස් කර .06 වසර සිට 11 වසර දක්වා සිසුන් වෙනුවෙන් ටැබ් පරිඝණක ලබාදි තිබුණි.







