සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු බලාගාර ගිවිසුම රටේ නීතියටත් යටත් නොවන එකක්! වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට විදුලි බලාගාරයක අයිතිය ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් සමාගම වෙත ලබා දීම සඳහා ඇති කර ගන්නා ලද ගිවිසුම මෙරට නිතියට කිසි ලෙසකින්වත් යටත් නොවන ජාත්‍යන්තර බේරුම්කරණයට පමණක් අදාළ වන ගිවිසුමක් බවත් රටේ බලශක්තිය වැනි අතිශයින්ම වැදගත් අංශයක් සඳහා රටේ නීතිය බලනොපාන ගිවිසුම්වලට එලඹීම දැඩි අවදානම් සහගත තත්ත්වයක් බවත් වෘත්තිකයන්ගේ පෙරමුණ පෙන්වා දෙයි.

මෙලෙස රටේ බලාගාර සහ ඉන්ධන සැපයුම් මාර්ග ශ්‍රී ලංකාවේ නෛතික රාමුව යටතේ පාලනය නොවන තත්ත්වයට පත්කරයි. කිසිදු හදිසි අවස්ථාවක්, ත්‍රස්තවාදී හෝ වෙනත් තර්ජනයක් ඇතිවූ අවස්ථාවකදී මෙරට විධායකයේ, ව්‍යවස්ථාදායකයේ මෙන්ම අධිකරණයේ බලය බලනොපැවැත්වෙන තරමේ අරාජික තත්ත්වයක් මෙමගින් රට තුළ පැන නගින බවද එම පෙරමුණ මාද්‍ය නිවේදනයක් නිතු් තරමින් බෙන්වා දෙයි.

එම නිවේදනයට අනුව .

බලශක්තිය පාලනය කිරීමේ අයිතිය ජාත්‍යන්තර සමාගම් සහ අනෙකුත් විදේශීය බලවේගයන්ගේ අතට පත් කිරීමේ ප්‍රයත්නයක පවතින රජය මේ වන විට යෙදී සිටියි. ජාත්‍යන්තර බල තුලනයේ තීරක සාධකයක් වන ‘බලශක්තිය’ සහ ඒ හා සබැඳි ජාත්‍යන්තර තත්වයන් සහ බලපෑම් අප වැනි රටකට පාලනය කිරීමට ඉතාම අපහසුය. මේ නිසාවෙන්ම රටේ බලශක්තිය සැපයුම සම්බන්ධව රටක් ලෙස අප සතු අධිකාරී බලය එලෙසින් පවත්වා ගැනීම රටේ ඉදිරිගමන වෙනුවෙන් අත්‍යවශ්‍ය කාරණයකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී මතුව ආ අලුත්ම මාතෘකාව වනුයේ, ඇමෙරිකානු New Fortress Energy සමාගම සමග ඇතිකරගන්නා ගිවිසුමයි. ශ්‍රීලංකාවේ විදුලි බලාගාර හා ඒ සඳහා ඉන්ධන සැපයුම ලබාදෙන රජයේ ව්‍යුහය ශ්‍රී ලංකා රජයේ අධිකාරියෙන් ඉවතට පැවරීම අතිශයින්ම හානිකරය. තවද, මේ ක්‍රියාවලිය රටේ ස්වෛරීත්වයට මරු පහරකි.

පවතින අවධානම එතැනින් තවත් ඔබ්බට ගෙනයනුයේ ඉහත ගිවිසුම ශ්‍රී ලංකා නීතියට යටත් නොවෙන පරිදි සකස් කිරීමට ගෙන ඇති අදුරදර්ශී තීරණයයි. මේ ගිවිසුමෙහි පැහැදිළිවම සටහන් වී ඇත්තේ ශ්‍රී ලංකා නීතියට කිසිලෙසකින් යටත් නොවන ජාත්‍යන්තර බේරුම්කරණය (International Arbitration) වෙත මෙමගින් අදාළ බලය පැවරෙන බැවිනි.

මෙහිදී ඉන්ධන සැපයුම පිළිබඳව පමණක් සැළකිල්ලට භාජනය කළද, මෙයින් සිදුවිය හැකි අලාභය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට,මීට පෙර යුගයකදී අත්සන් කරනු ලැබූ ‘හෙජින් ගිවිසුම’ තුලින් පමණක්ම මෙරටට සිදුකළ අලාභය සඳහන් කළ හැක. එමෙන්ම මෙමගින් දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිවීමට නියමිතය. අද ශ්‍රී ලංකාව වැටී ඇති ණය උගුල සහ විදේශ විනිමය අර්බුදය සැලකූ විට රජයේ මේ ප්‍රයත්නය ඉතාමත් අමනෝඥ ක්‍රියාවක් පමණක් නොව මහත් අමන ක්‍රියාවකි.

සුවිශේෂී කාරණයක් ලෙස මෙහිදී තවදුරටත් ඉස්මතුව පෙනෙනුයේ, මෙම ගිවිසුම සඳහා මහත් උනන්දුවෙන් කටයුතු කරන වත්මන් මුදල් අමාත්‍යවරයා සැබවින්ම ‘ද්විත්ව පුරවැසියෙකු’ වීම යන කාරණයයි. ඔහු ‘පත්කළ මන්ත්‍රීවරයෙකු’ වන බැවින් කිසිදු ජනතා සම්මතයක් හිමි පුද්ගලයෙක්ද නොවේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධුර ලබාදීමට රජය කටයුතු කළ අවස්ථාවේදී එයට විරුද්ධව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ලෙස අප තදින්ම පෙනී සිටි හේතුවේ යථාර්ථය අද මෙලෙස විදේශීය පුරවැසියකු විසින් ඔප්පුකොට තිබේ. සත්‍යය වශයෙන්ම ද්විත්ව පුරවැසියා ඔහුගේ විදේශීය න්‍යායපත්‍රය මැනවින් ඉටු කරමින් සිටී.

මේ අනුව රටේ ජනාධිපතිවරයා ඇතුළු රජය ජාතික ආරක්ෂාව මෙන්ම ස්වෛරීත්වය තවදුරටත් තහවුරු කිරීමට අසමත්ව ඇති අතර ඒ වෙනුවට රට පාවා දීමේ පවිටු ව්‍යායාමයක කොටස් කරුවන් බවට පත්ව තිබේ.

එමෙන්ම 20 සංශෝධනයට සහය දැක්වූ, විශේෂයෙන්ම ජාතිමාමක යැයි කියාගන්නා මන්ත්‍රීවරු ඔවුන් විසින් රටට සිදු කළ විනාශය දැන් හෝ වටහා ගත යුතුව ඇත. ජනතාව විසින් ඔබට සමාව දීම හෝ නොදීම තීරණය වන්නේ අද දින මේ නිර්ලජ්ජිත පාවා දීම් හමුවේ කටයුතු කරනු ලබන ආකාරය අනුවය. හීන් කෙඳිරියකට හෝ අවසානයේ පාවාදෙන සටනකට හෝ පාවාදෙමින් මැති ඇමති පුටු රැකගෙන යන ගමනකින් හෝ එම සමාව කිසිවිටෙකත් හිමි නොවනබව නම් අදාළ මන්ත්‍රීවරුන් ඉක්මණින් වටහා ගත යුතුව ඇත..

ජනතාව ලෙස අප අවබෝධකොට ගතයුත්තේ අද අපේ රට අප විසින් ගලවා ගතයුතු දිනය එළඹ ඇති බවයි. මේ පාවාදීම වැලකීමට ඔබෙත්, අපේත් හඬ දැඩිව අවදි කළ යුතුව ඇත. වෘත්තිකයිනි, ඔබව නොමග යැවීමට ලබාදී ඇති ස හඳුනාගෙන ඒවායෙන් ඉවත්ව මේ මහා ව්‍යයසනය හා ඉදිරියේ එන මහා පාවාදීම් වැලකීමට පෙළ ගැසිය යුතුව තිබේ. කොවිඩ්-19 වසංගතය පැතිරීමට ඉඩ හැර ඉතා සූක්ෂමව සැලසුම්සහගත ලෙස සිදුකරනු ලබන මේ මහා පාවාදීමට එරෙහි වීම, මේ මාතෘ භූමීයේ ජීවත්වන සියලු පුරවැසියන්ගේ වගකීමක් ලෙස සළකා කටයුතු කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විවෘත කළ රටේ  කොවිඩ් නොපැතිරෙන පොදු ප්‍රවාහන සැලැස්ම කුමක්ද?. වාහම කියන්න… සෞඛ්‍ය අංශ ප්‍රවාහන බලධාරීන් අමතයි!

Next Post

වෘත්තිකයන් නිහඬව සිටිද්දී ඇමතිට උමතු ගව රෝගය හැදුනුවිට රටට වෙන දේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.