රට විවෘත කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරනුයේ කෙසේද යන්න පිලිබඳව සැලසුම වහාම ඉදිරිපත් කරන්නැයි ප්‍රවාහන ක්ෂේත්‍රයේ බලධාරීන්ගෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉල්ලීමක් කරයි.
නොබෝ දිනකින් රට විවෘත කරනු ඇති බවට විශ්වාස කළ හැකි වන බැවින් පොදු ප්‍රවාහන සේවාව තුළ ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැති වුවහොත් නැවතත් කොවිඩ් රෝගය වසංගතයක් ලෙස රටපුරා පැතිර යා හැකි බැවින් වහාම සැලසුම කුමක්ද යන්න පිලිබදව ඉදිරිපත් කළ යුතුයැයි විශේෂඥවරයා සදහන් කරයි.
ප්‍රවාහන සේවාව කොවිඩ් රෝගය පැතිර නොයන අන්දමින් කටයුතු කිරීමට නිසි සැලස්මක් පිලිබඳව මෙතෙක් ප්‍රකාශ කර නොැමති වීම සැකයට තුඩුදෙන බවත් රට යළිත් කොවිඩ් වසංගතයේ මුල් තැනටම යාමේ අවදානමක් මතුවෙන බවද ඔහු පෙන්වාදේ.