සූරියවැව නුවන් ජයසේකර –
වීරකැටිය ගජනායකගමදී වෙඩි තබා 14 හැවිරිදි පාසැල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨඅද (22) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වෙඩි තැබීමේ සිද්ධියේ පුධාන සැකකරු වන ගජනායකගම පදිංචි මොහොට්ටිගේ තිලක් නොහොත් සුද්දා සහ වීබදු මොහන්දිරම්ගේ ජීවසිරි නැමති අයයි.
සැකකරුවන් දෙදෙනා වීරකැටිය ප්‍රදේශයේ කැළෑකොටසක සැඟව සිටියදි 22 දින පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතීඥ වරයෙකු අධිකරණයේ පෙනී නොසිටියේය.
සිද්ධියට සම්බන්ධ වු තවත් සැකකරුවන් තිදෙනෙකුද පෙරේදා (21) අලුයම වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන්ද එළඹෙන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පසුගිය 19 වන දින රාත්‍රි වීරකැටිය ගජනායක ගමදී ඥාතීන් දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුර දිග යාමෙන් එක් පාර්ශවයක් විසින් සිදුකළ වෙඩි තැබිමකින් අනෙක් පාර්ශවයේ 14 හැවිරිදි පාසැල් සිසුවෙකු වු හ/ගජනායකගම කණිෂ්ඨ විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සචින්ත නිම්සර දරුවා වෙඩි වැදී බරපතළ තුවාල ලැබීමෙන් පසු මියගියේය.
සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, වීරකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කැළුම් සංගීත්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයසුන්දර, උප පොලිස් පරීක්ෂක පේමරත්න, පොලිස් සැයන් (25450)රාජරත්න,පොලිස් කොස්තාපල් වරුන් වන (12677)දයාරත්න,()ෂෙල්ටන්,(40643)චමින්ද,(70223)රසික,(26647) ලහිරු යන නිළධාරීන් එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.