ලලිත් චාමින්ද –
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු අපරාධකරුවකු වන ගනේමුල්ල සංජිව වෙනත් සිරකුටියකට මරුකරණ ලෙස බන්ධනාගාර අධිකාරිවරයා විසින් ලබාදුන් නියෝගය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් බුස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ වැඩ තහනම් කිරිමට කටයුතු කළ බැව් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ( පුනරුත්ථාපන) ගාමිණි බි. දිසානායක පවසයි.
බුස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් මෙම ජේලර්වරයාට ලබා දුන් නිත්‍යානුකුල නියෝගය නොපිළිපැදිම සම්බන්ධයෙන් විනය පරික්ෂණයකට යටත්ව ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව වැඩ තහනම් කිරිමට කටයුතු කළ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ගනේමුල්ල සංජිවගේ සිර කුටිය තුළ තිබි ජංගම දුරකථනයක් හමුවි ඇති අතර ඉන් පසු ඔහු වෙනත් සිරකුටියකට මාරුකරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයා විසින් ජේලර්වරයාට නියෝගකොට ඇති බවද බුස්ස බන්ධනාගාරයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මොහු වෙනත් සිරකුටියට මාරුකිරිමට යෑමේදී ජේලර්වරයා හා ගනේමුල්ල සංජිව නැමැත්තා අතර බහින් බස්විමක් ඇතිවී තිබෙන බවද පැවසේ.







