සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් තමයි හොඳම කෙනා… පවිත්‍රා ජනපති ගේ කාන්තා සමුළුවේ දී රටට කියයි!

මිනිස්සුන්ට ගරහනවිට සීමාවක් ඇතිව ගැරහිය යුත්තේ ඇයි... පවිත්‍රා දෙස බලන් ඉගෙන ගන්න...

by editor
අගෝස්තු 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මාතෘභූමියේ නිවැරදි තීන්දු තීරණ ගන්නා කාන්තාවන් ලෙස ප පක්ෂ පසෙක දමා, එකම පවුලක් ලෙස එක් වී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් විය යුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ඇය කියන්නේ අද බංගලාදේශය ඒ තත්ත්වයට පත් වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ වැනි විශිෂ්ට නායකයෙක් ඒ රටේ නැති නිසා බවත්, ඔවුන් දැන් රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් සොයමින් සිටින බවත් ඇය කියයි.

පවිත්‍රා දේවී වන්නිආරච්චි මේ බව ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය වුන “කාන්තා අපේ බලය” නමින් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (09) පෙරවරුවේ පැවති කාන්තා සමුළුව අමතමිනි.



ඇය සමුලුව අමතමින් මෙසේ ද පැවසුවාය.

අද මේ පැවැත්වෙන්නේ අතිශය සුවිශේෂී කාන්තා රැස්වීමක් බව පැවසිය යුතුයි. අපි මීට පෙර කාන්තා සම්මේලන පවත්වා තිබුණත් වසර 32ක දේශපාලන ජීවිතයේ බහුපාක්ෂික කාන්තා සම්මේලනයකට මා සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

ඇයි අද අප එකට එක්ව සිටින්නේ? එයට සංවාද, විවාද, තර්ක අවශ්‍ය නැහැ. රූපවාහිනිය ඉදිරියට ගිහින් බංග්ලාදේශයේ තත්ත්වය දැක බලා ගත්තා නම් අපි එකතු වුණේ ඇයි කියන කාරණය පැහැදිලි වෙනවා.

බංග්ලාදේශ රාජ්‍ය නායිකාවගේ නිල නිවස මෙන්ම පාර්ලිමේන්තුව ද අරගලකරුවන් අත්පත් කර ගත්තා. එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් මේ වන විට ඝාතනය කර තිබෙනවා. ඒ අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් රූපවාහිනියෙන් නරඹන විට එදා අප රටේ සිදුවුණෙත් එවැනිම දෙයක් බව පැහැදිලි වෙනවා.

බංග්ලාදේශ අරගලකරුවන් සංචාරක හෝටල්, රාජ්‍ය ආයතන ගිනිතබා විනාශ කළා. මුළු බංග්ලාදේශයම ගිනි ගොඩක් බවට පත් කරනු ලැබුවා. එවැනි තත්ත්වයක් තුළ අද බංග්ලාදේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් සොයමින් සිටිනවා.

එදා අපට එවැනි තත්ත්වයක් උරුම නොවුණේ මේ මාතෘභූමියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙක් බිහි වූ නිසයි.

ඒ වගේම රටේ හිටපු නායකයා රටින් පිටව ගිය වෙලාවේ, මේ මාතෘභූමියේ කිසිදු ලේ වැගිරීමක් සිදු වීමට ඉඩ නොතබා රාජ්‍යත්වය ස්ථාපිත කරමින් රට නැවත යථා තත්ත්වයට පත් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.

මාතෘභූමියේ නිවැරදි තීන්දු තීරණ ගන්නා කාන්තාවන් ලෙස අද අප පක්ෂ පාට පැත්තකට දමා, එකම පවුලක් ලෙස එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වී තිබෙනවා.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට ගොඩදාන්න සෙට් වුන කාන්තාවන් තුන්දෙනා ගැන ජනපති හෙළි කරයි!

Next Post

බන්ධනාගාර අධිකාරීවරයාගේ නියෝග මත ගණේමුල්ලේ සංජීව සිටි සිරකුටිය මාරු කිරීම ප්‍රතික්ෂේප කළ ජේලර්ගේ වැඩ තහනම්..

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.