ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මීගොඩ ප්‍රදේශයේ සේවය කළ පොලිස් නිළධාරියෙකු වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්ට යැවූ ලිපියකින් අනතුරුව අදාළ පොලිස් නිළධාරියා නුගේගොඩ කොට්ඨාසයේ සිට කිලිනොච්චිය කොට්ඨාසයට මාරු කර තිබේ.
ප්‍රජා පොලිස් ඒකකයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා මීගොඩ කොට්ඨාසයේ දේශපාලන අධිකාරියවන පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඩී කමල් චන්දනට කීකරු නොවීම හේතුවෙන් ඔහු වෙන තැනකට මාරු කරන ලෙස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා, සිය දේශපාලන ප්‍රධානියා වන බන්දුල ගුණවර්ධනට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
ඒ අනුව මෙලෙස මාරුවීම ලැබී ඇත්තේ පොලිස් කොස්තාපල් සුරංග දිනාල් පෙරේරාට ය. රාජකාරි කටයුතු කිරීමේදී අපක්ෂපාතීව කටයුතු නොකරන නිසා මෙම පොලිස් නිළධාරියාට වෙනත් පොලිස් ස්ථානයකට ස්ථාන මාරුවක් කර දෙන ලෙස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා, බන්දුල ගුණවර්ධනට ලිපියක් යවමින් ඉල්ලා ඇති අතර, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ටිරාන් අලස් අමාත්‍යවරයාට එම ලිපිය යොමු කර තිබේ.
ඒ අනුව 2023.01.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා දිසාව නියෝජ්‍ය පොලිස්පති එම්.එන් සිසිර කුමාර ගේ අත්සනින් යුක්තව මෙම ස්ථාන මාරුවීම් ලැබී තිබේ.









