මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් වසන් වී සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ පෞද්ගලික දුරකථන තොරතුරු මාර්ගයෙන් ඔහු සැඟවී සිටින ස්ථානයක් හදුනා ගැනීමට පොලිස් විමර්ශණ කණ්ඩායම් විසින් ගන්නා ලද උත්සාහයන්ද අසාර්ථක වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහුගේ ජංගම දුරකථන අංක සම්බන්ධ වන සන්නිවේදන සංඥා කුළුණු හඳුනා ගෙන ඒ ඔස්සේ ඔහු සිටින ඉසව්ව සොයා සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳව කටයුතු කිරීමට පොලිස් කණ්ඩායම් කටයුත කළද ඔහු විසින් පරිහරණය කළ සියලුම ජංගම දුරකථන අංක මේ මොහොතේ අක්‍රියව පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් මත විශේෂ පොලස් කණ්ඩායම් හයක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට යොදවනු ඇති අතර ඔවුන් විසින් රිෂාඩ් අමාත්‍යවරයාගේ බිරිඳ සමීපතයන් ඇතුළු කිහිප දෙනකුගෙන්ද ඔහු පිළිබඳ හෝඩුවාවාක් දැන ගැනීමට උත්සාහ කළද බිරිඳ පවසා තිබුණේ පසුගිය සඳුදා සිට ඇය ඔහු නිවසට නොපැමිණි බවය.
මේ වනවිට හිටපු අමාද්ය බදූර්දීන් තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙසට අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එයින් අමාත්‍යවරයා උත්සාහ ගන්නේ අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ලබා ගැනීමටය.