බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදියුදීන්ට දුන් කෝටි 20කට වැඩි සංවර්ධන ව්‍යාපෘති ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නවත්වලා… තමන් සජබට එක්වුන නිසා ව්‍යාපෘති නැවතුනාදැයි මන්ත්‍රීවරයා ජනපතිගෙන් අසයි!

ව්‍යාපෘති පවත්වාගෙන යන්නට නොදුනහොත් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බව බදියුදීන් ජනපතිට ලිඛිතව දන්වයි!

by editor
අගෝස්තු 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දිස්ත්‍රික්ක 06ක ආරම්භ කර ඇති රුපියල් කෝටි 20කට වඩා වැඩි වටිනාකමක් සහිත සංවර්ධන ව්‍යාපෘති ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පිට නවත්වා දමා ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

මන්නාරම, වව්නියාව, මුලතිව්, පුත්තලම, ත්‍රීකුණාමලය සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් වෙත මීට පෙර අනුමැතිය ලබා දී ති බී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අනුව ඉතා ඉක්මනින් සංවර්ධනය විය යුතු බවට අදාල දිස්ත්‍රික්කවල ජනතාව, ග්‍රාම සංවර්ධන සමිති, සුබ සාධන සංගම්, සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධානවල ඉල්ලීම මත පදනම්ව මෙම ව්‍යාපෘති ආරම්භ කර තිබේ.
කෙසේ නමුත් පසුගිය බ්‍රහස්පතින්දා අදාල දිස්ත්‍රික්ක හයේ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී එස්.ඒ.පී.කුමාරි අදාල ව්‍යාපෘති අත් හිටුවන ලෙසට මාර්ගෝපදේශ සපයා තිබේ.

ඒ සඳහා වෙන් කළ ප්‍රතිපාදන වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ජනාධිපති කාර්යාලයට බැර කරන ලෙස ද ගණකාධිකාරීවරිය සිය අත්සන සහිතව දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිඛිතව දැන්වීමෙන් අනතුරුව රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය ලබා දීම සඳහා ගත් තීරණය හේතුවෙන් උක්ත සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කළේදැයි සැකයක් උපදින බවය.

බදියුදීන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ මෙවැනි සදාචාර විරෝධී කටයුතුවලට ජනාධිපතිවරයා මැදිහත්වනු ඇතැයි කිසිසේත් විශ්වාස නොකරන බවත්, ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව ඇතැම් පුද්ගලයින් හා නිලධාරීන් මේ ආකාරයෙන් හැසිරෙනු ඇතැයි සිතන බවත්ය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවා ඇති මාර්ගෝපදේශ අවලංගු කිරිම සඳහා මැදිහත්වන ලෙසද බදියුදීන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ දක්වා ඇත.

නවත්වා දැමූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවස්ථාව නොලැබේ නම් අකමැත්තෙන් හො මැතිවරණ කොමිෂන් සභාවට මේ සම්බන්ධව පැමිණිලි කිරීමට සිදුවන බවද බදියුදීන් මන්ත්‍රීවරයා දන්වයි.

දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇති නියෝග මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව තමන් විශ්වාස කරන්නේ යැයි ද බදියුදීන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ දක්වා තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපි පරාදයි… හර්ෂිතාගේ ශතකයේ වටිනාකමත් නැති වෙයි… මේ තරම් වගකීම් විරහිත වන්නේ ඇයි?

Next Post

ජනපතිගේ මංගල ජන රැළියේ දීම මැතිවරණ නීති කඩලා….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.