බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අපි පරාදයි… හර්ෂිතාගේ ශතකයේ වටිනාකමත් නැති වෙයි… මේ තරම් වගකීම් විරහිත වන්නේ ඇයි?

by editor
අගෝස්තු 18, 2024 - Updated on අගෝස්තු 19, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අයර්ලන්ත ශ්‍රී ලංකා කාන්තා  එක්දින තරගාවලිය 2-0 ලෙස අපි පරාදය. ක්‍රීඩාවේ ජය මෙන්ම පරාජයත් සාධාරණය. එහෙත්  යළිත් වරක්  අතේ තබාගෙන හිටි ජයග්‍රහණය අප විසින්  විසි කර දැමිම ගැන දුකය. 

මේ පරාජයන් දෙකටම වගකීම් විරහිත බව මිස වෙනත් කිසිම සාධාරණ හේතුවක් නැත. ක්‍රමයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ගොඩනගා ගත් වගකීම් සහිත අත් නොහරින ගුණය, සටන් කාමීව ජයග්‍රහණ හඹා යෑමේ ප්‍රගුණ කළ ගුණය අත් හැරෙමින් ඇතිදැයි ක්‍රීඩා ලෝලීන් ලෙස අප තිගැස්සෙන්නේ පසුගිය තරග දෙකේ ජයග්‍රහණ අප විසින් විසිකර දැමූ ආකාරය දකින විටය.

ලකුණු 255ක ඉලක්කයක් හඹා යද්දී ආරම්භක පිතිකාරිණියන් දෙපළම ලකුණු 46ක දී දැවී යන විට පිටියට පැමිණි හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ 126ක සම්බන්ධය තුට්ටුවකට වැඩක් නැති වුයේය. හර්ෂිතා සංයමයෙන් ගොඩනැගූ ලකුණු ශතකය අපතේ ගියේය. කවීෂා දිල්හාරි එක් හයේ පහරක් සහ එක් හතරේ පහරක් පමණක් සහිතව රැස්කළ ලකුණු 53ක ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා කණ්ඩායම පයින් ගසා පැත්තකට දැම්මේය.

තුන්වන කඩුල්ල බිඳී යන්නේ ලකුණු 172 දී ය. පන්දු ඕවර 2ක් යැවීම තියෙද්දි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 240ට සියල්ලන්ම දැවී ගියහ. ඒ දුක හිතෙන කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

අයර්ලන්ත ඉනිම

අද තරගයේ කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා නායිකාවය. ඇය පළමුව පන්දු රැකීම තේරුවාය. පන්දු ඕවර 50 නිමා වනවිට අමතර ලකුණු 19ක් ද සහිතව අයර්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 255කි. ඒ අතර වයිඩ් පන්දු 10කි. දැවි ගියේ කඩුළු 05ක් පමණි.

අයර්ලන්ත ආරම්භක පිතිකාරිය සාරා ෆෝබස් ලකුණු 02කි. ක්රිස්ටිනා කෝල්ටර් රීලි ලකුණු 24කි. නායිකා ඕර්ලා ප්‍රෙන්ඩෙර්ගස්ට් ලකුණු 09කි. එහෙත් අයර්ලන්ත කණ්ඩායෙමන් අනගි අර්ධ ශතක තුනක් වාර්තා විය. අංක 3 පිතිකාරිණිය අමී හන්ටර් ලකුණු 66කි. ඊට හතරේ පහර 08කි. අංක 5 පිතිකාරිණිය ලීහා පෝල් ලකුණු 81කි. ඊට හතරේ පහර 06කි. අංක 6 පිතිකාරිණිය රෙබෙකා ස්ටොකෙල් හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 53කි. ඇය එම ලකුණු ප්‍රමාණය ලබා ගන්නේ නොදැවී ය. 5වන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදනා අතර ගොඩනැගුන සමබන්ධය ලකුණු 114 කි. කඩුළු 05ක් පමණක් දැවී අයර්ලන්ත කණ්ඩායම ලැබූ ලකුණු ප්‍රමාණය ලකුණු 255කි.

අපට ලැබුණු ඉලක්කය ලකුණු 256කි.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය ලකුණු 48කට කඩුළු 2ක්, කවීෂා දිල්හාරි ලකුණු 35ට කඩුළු 2ක් චමරි අතපත්තු ලකුණු 55ට කඩුල්ලක් ලැබුවාය.

ශ්‍රී ලංකා ඉනිම

පිතිකරණය ආරම්භ කරන්නේ විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තුය. පසුගිය තරගයේ දී චමරි අතපත්තු මුල්ම පන්දුවෙන් ලකුණු නොලබා දැවී යනවිට ලකුණු 101ක් නොදැවී ලබාගෙන තරගය ඇදගෙන ගිය විශ්මි ගුණරත්න අද තරගයේ ලකුණු 2කට දැවී ගියාය. ඒ ඕර්ලා ප්‍රේනඩර්ගස්ට් ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.

චමරි අතපත්තු යළිත් අසාර්ථකය. ඇය ලබා ගත්තේ ලකුණු 22ක් පමණි. ජේන් මැගුවයර් ගේ පන්දුවකට ෆ්‍රෙයා සාජන්ට් අතට උඩ පන්දුවක් ලබා දී ඇය දැවී ගියාය. ඉන් අනතුරුව මෙම තරගයේ තීරණාත්මක පිතිකරණය ගොඩනැගෙන්නේය. ඉවසිලිවන්ත වෘත්තීය ක්‍රීඩාවක නිරත වුන හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි ශ්‍රි ලංකා කණ්ඩායමට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ගෙන දෙන පිතිකරණයක නිරත වූහ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

කවීෂා දිල්හාරි පිට පිටම තරග දෙකේ අර්ධ ශතක වාර්තා කරමින් මේ තරගයේත් ලකුණු 53ක් ලැබුවාය. හර්ෂිතා සමරවික්‍රම සිය මංගල එක්දින ජත්‍යාන්තර ශතකය වාර්තා කළාය. හර්ෂිතා ලකුණු 105ක් ලබා ගත්තාය. ඊට හතරේ පහර 11ක් ඇතුළත් වූයේය.

තුන්වන කඩුල්ලට ලකුණු 124ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබිය දී කවීෂා දිල්හාරි ලකුණු 53කට දැවී යන්නේ ඉතා පහසු උඩපන්දුවක් ඒමී මැගුවයර් අතට ලබා දෙමිනි. ඇය දැවී යනවිට ලකුණු 172කි. ඇය දැවී යන්නේ 34 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දී ය.

අනතුරුව පිටියට පැමිණෙන කණ්ඩායමේ උපනායිකාව මෙන්ම චමරිට පසු කණ්ඩායමේ සිටිනා ජ්‍යෙෂ්ට ක්‍රීඩිකාවවන අනුෂ්කා සංජීවනීය. ඇය මුහුණ දෙන්නේ පන්දු තුනකටය. අපරිනත ක්‍රීඩාවක් කළ ඇය ජේන් මගුවයර් ගේ පන්දුවක් හමුවේ කඩුල්ල කුඩු කරගෙන ලකුණු නොලබා දැවී යන්නී ය.

ඉන් අනතුරුව පිටියට එන්නේ හසිනි පෙරේරා ය. මෙම තරගයේ බරපතලම ව්‍යසනය සිදුවන්නේ ඇය අතින් බව කිව යුතුව තිබේ. හසිනි පෙරේරා කණ්ඩායමට ක්‍රීඩා කරන්නී නම් ඇය සතු වගකීම් දෙකක් තිබේ. එකක් එක් අන්තයක සිටින ශතකය ඉක්මවා ලකුණු රැස් කරගෙන ඇති, තරගය ජයග්‍රහණයෙන් නිමා කිරීමේ වැඩි සම්භාවිතාවක් සහිත ක්‍රීඩිකාවගේ කඩුල්ල ආරක්ෂා කර දීමය. එසේ ආරක්ෂා කිරීම කළ නොහැකි නම් ඇය දැවී යන්නේ තමන්ගේ වරදින් නම් කණ්ඩායමේ වගකීම ඇයගේ කරමතට ගෙන ඉවසිලිවන්තව කණ්ඩායම ජයග්‍රහණය කරවීම ය. ඇය මේ දෙකම කළේ නැත.

ලකුණක් සඳහා හර්ෂිතාව ආපසු යැවූ හසිනි පෙරේරා නිසා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 105 දී දුවද්දී දැවී යෑමකට හසු විය. ඒ 42 වැනි ඕවරයේ අවසන් පන්දුවේ දී ය. ඒ වනවිට ලකුණු සංඛ්‍යාව ලකුණු 210කි. ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 46කි. පන්දු ඕවර 08ක් ඉතිරිව ඇත. ඇය නිසා හර්ෂිතා දැවී ගිය බව පිළිබඳව කම්පනයේ අංශුවක් හෝ හසිනි පෙරේරාට තිබුණා නම් ඇය තමන් ඉදිරියේ ඇති බර තේරුම් ගත යුතුව තිබිණි. එහෙත් සිදුවූයේ තව එක් ලකුණක් හෝ කණ්ඩායමට එකතු නොකර ඉතාම අනවශ්‍ය වගකීම් රහිත පහරක් එල්ල කර ඊට පන්දු දෙකකට පසු හසිනි පෙරේරා දැවී යෑමය. 6 වැනි කඩුල්ලත් ලකුණු 210 දී ය. 07වන කඩුල්ල ලකුණු 212 දී ය. සචිනි නිසංසලා එක් ලකුණකට දුවද්දී දැවී යන්නීය. 08වන කඩුල්ල ලකුණු 214 දී ය. සුගන්ධිකා කුමාරි ලකුණු 02කට දැවී යන්නී ය. 214 දීම අචිනි කුලසූරිය ලකුණු නොලබා දැවී යන්නී ය.

නිලක්ෂිකා සිල්වා මේ සියල්ල මැද එක් අන්තයක ලකුණු 24ක් ලබාගෙන නොදැවී සිටියාය. ඇය නොවන්නට ලකුණු 240ක ලකුණක්වත් ශ්‍රි ලංකා කණ්ඩායමට ඉතිරි වන්නෙ නැත. ඇලන් කෙලී ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් උදේශිකා ප්‍රබෝධනී අවසන් කඩුල්ල ලෙස දැවී යන්නේ 48 වැනි ඕවරයේය අවසන් පන්දුවේ දී ය. පන්දු 12ක් ඉතිරිව තිබිණි. ලබා ගත යුතුව තිබුණේ තවත් ලකුණු 16කි.

අපට වැඩේ ගොඩදාගන්නට බැරි විය. හර්ෂිතා සමරවික්‍රමගේ ශතකය පවු වන්නේ ඒ නිසා ය. පිරිමි කණ්ඩායමට බෝ වුන ලෙඩේ කාන්තා කණ්ඩායමට බෝ වනු දකින්නට අප කැමති නැත. අපේ රටේ උන් ක්‍රිකට් ගැන අලුත් මානයකින් ආදරය කරන්නට ගත්තේ කෙල්ලන් සටන්කාමී ක්‍රීඩාව නිසාය. මේ ආකාරයට තරග අත්හැර දැමීම පුරුද්දක් වගේ වීම ගැන සිය ක්‍රීඩා ජීවිතේය අවසන් ගෞරවනීය කාර්තුව ගතකරන චමරී අතපත්තු ගැඹුරු ලෙස කල්පනා කළ යුතුව ඇතැයි ක්‍රීඩාවට ආදරය කරන අපට සිතේ. මානසිකව බිඳ නොවැටී ඇය යළිත් මහපොළොවේ සිටගත යුතුය.

මේ අප තරගාවලි පරාජයක් වාර්තා කරන්නේ අපට වඩා ස්ථාන 06ක් පහළින් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉන්නා කණ්ඩායමක් ඉදිරියේ ය. ලෝක කුසලානයක ඉදිරිගාමි ප්‍රවේශයක් වෙනුවෙන් ජාතියක බලාපොරොත්තු උපදවා සිටින කණ්ඩායමක් කණ්ඩායම් වගකීම් සම්බන්ධව යළිත් සමාලෝචනය කරනු ඇතැයි ක්‍රීඩා ලෝලීන් ලෙස අපි උදක්ම බලාපොරොත්තු වෙමු. මැච් දිනන්නට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ටොස්ට් එක දිනා ගත යුතු යැයි ජාත්‍යාන්තර තලයේ ක්‍රීඩිකාවන් කිසිවෙකුට හිතන්නට දිය යුතු නැත.





Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයේ සත්‍ය කෙසේ හෝ හොයා වරදකරුවන්ට දඬුවම් කරනවා… සජිත් කාදිනල් හිමි හමුවී පොරොන්ද වෙයි!

Next Post

බදියුදීන්ට දුන් කෝටි 20කට වැඩි සංවර්ධන ව්‍යාපෘති ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නවත්වලා… තමන් සජබට එක්වුන නිසා ව්‍යාපෘති නැවතුනාදැයි මන්ත්‍රීවරයා ජනපතිගෙන් අසයි!

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.