රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ ගිනි ගැනීමකින් මිය ගිය මෙහෙකාරිය රැදී සිටි කාමරයේ බිත්තියේ සටහන්කර තිබී හමුවූ “මරණයට හේතුව“ ඇය විසින් තැබූ සටහනක් බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
ඇගේ පාසල් පොත් ඇතුළු සටහන් රැසක් පරීක්ෂා කිරීමේදී දෙමළ වචන ඉංග්‍රීසියෙන් ඇය විසින් සටහන්කර ඇති බවක් නිරීක්ෂණය වී ඇත.
එසේම එම ඉංග්‍රීසි අක්ෂර සහ වචන භාවිතා කිරීම එම පොත්වල ඇති සටහන්වලට සමාන බවද පෙනී ගොස් තිබේ.
ඉදිරි දින කිහිපය තුළ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඇඟලි සලකුණු විශේෂඥයාගේ වාර්තාවෙන් එය වැඩිදුරටත් තහවුරුකර ගැනීමට හැකිවනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම තරුණියගේ සහෝදරයා මාධ්‍යට පවසා තිබුණේ සිය සහෝදරියට ඉංග්‍රීසි අකුරු ලියන්නට බැරි බවකි.