දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ භාරතීපුරම් ප්‍රදේශයේ ළදරු පාසලක ළමයින්ගේ පෝෂණ මට්ටම ඉහල නැංවීම සඳහා එක්තරා ආයතනයකින් ලබා දෙන ලද කිරි පැකැට් පානය කිරීමෙන් පසුව අසාත්මිකතාවයට පත් වූ දරුවන් 12 දෙනෙක් ඊයේ (4) කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
කිරි පැකැට් පානය කිරීමෙන් පසුව සිසුන් වමනය කරන්නට පටන් ගෙන ඇති අතර පෙර පාසල් පාලිකාව වහාම ගිලන් රථයක ආධාරයෙන් අසාත්මිකතාවයට පත් වූ දරුවන් රෝහල් ගත කොට තිබේ.
තවත් සිසුන් පිරිසක් කිරි පානය කිරිමෙන් පසුව උදරාබාධ වලට ලක් වී ඇති අතර ඔවුන්ව රෝහල් ගත නොකොට ප්‍රථමාධාර ලබා දී ඇත.
රෝහල්ගත කළ දරුවන් 12 දෙනාගෙන් ගෙන් හතර දෙනෙකු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර පොලීසිය එම කිරි පැකැට් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
සිසුන්ට ලබා දුන් කිරි පැකැට්වල සාම්පල කීපයක් කිළිනොච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ නියෝගයක් මත වැඩිදුර පරීක්ෂණ සදහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රසායනාගාරය වෙත යවා ඇත.







