ඉන්ධන නැව් ලංකාවට පැමිණි බව ආරංචි වු වහාම ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම්වල රැඳී සිටීමෙන් පලක් නැති බවත් මින් ඉදිරියට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය හරහා බවත් බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.
ජාතික ඉන්ධන අවසරපත්‍රය සඳහා ලියාපදිංචි වීමේදී පැවති තාක්ෂණික දෝෂ මේ වනවට නිරාකරණය කර ඇති බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යා කාංචන විජේසේකර සඳහන් කරයි.
ආරම්භක අවස්ථාවේ දී බොහෝ පිරිසක් එක්වර ලියාපදිංචි වීමට උත්සාහ කළ නිසා යම් තාක්ෂණික දෝෂයක් මතු වූ බවය.
දෝෂය නිරාකරණය වීමත් සමග ඉදිරි දින කීපය තුළ ජාතික ඉන්ධන අවසරපත්‍රය සඳහා ලියාපදිංචි වීමට හැකියාව තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.
මේ අතර බහු වාහන ධාවනය කරන ව්‍යාපාරික ආයතන සඳහා ඔවුන්ගේ සියලුම වාහන ලියාපදිංචි අංකය සමග ලියාපදිංචි කිරීමට විකල්ප අවස්ථාවක් ලබාදීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කරයි.
එම ව්‍යාපාර ආයතන හරහා එකී සහනය ලබාදීමට ජාතික ඉන්ධන බලපත්‍රය ඉදිරි දින කිහිපය තුළ වැඩිදියුණු කරන බවත් එහිදී අදාළ වාහන සඳහා නිශ්චිත QR කේතයක් ද හිමිවනු ඇති බවත් ඇමතිවරයා කියයි.
Update – National Fuel Pass will be upgraded in the next few days to give an option for BusinessesOrganizations that operate multiple vehicles to register All their vehicles with the Business Registration Number. Each vehicle will be given a specific QR code after verification.
— Kanchana Wijesekera (@kanchana_wij) July 17, 2022







