සිරි දළදා වන්දනාව සඳහා පෝලිම්වල ජනතාව අඩු බවට සමාජ මධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මහනුවර අවට සිටින විශාල ජනතාවක් දළදා මාළිගාව අවට පෝලිම්වලින් පිට රැස් වන්නට පටන් අරන් තිබේ.
මේම ජනතාව පාලනය කිරීම සඳහා යුද හමුදාව විසින් බලවත් පරිශ්‍රමයක් යොදනු දක්නට ලැබිණි.
ඊයේ සවස් වනවිට පෝලිම්වල 85000කට අධික පිරිසක් ඉතිරි වී සිටියත් රාත්‍රියේ වැටුණු ධාරානිපතා වර්ෂාවත් සමග බොහෝ දෙනෙක් පෝලිම්වලින් ඉවත් වූහ.
මේ තත්ත්වය තුළ දින හතරක් දැඩි දුෂ්කරතා සහිතව මහ මග පහන් කළ පනස් පන් දහසකට ආසන්න පිරිසක් පමණක් අද පෝලිම් තුනෙහි රැඳී සිටියේය. මේ ආරංචිය පලවත්ම ජනතාව විශාල වශයෙන් යළි මහනුවරට ඇදි එන්නට වූවා පමණක් නොව, දළදා භාරකාරිත්වය, ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හොර පාරෙන් දළදා වන්දවන VIP පෝලිම එළිපිටම කිලෝ මීටරයකට ආසන්න දුරකට විහිදුනේය.
එම පෝලිම නැවතී තිබුණේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වූ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයෙන් වීම විශේෂිතය. පහත දැක්වෙන්නේ ඒ VIP පෝලිම ය. 







