මනම්පිටිය නිමල් ජයරත්න –
ගංවතුර තත්ත්වය හේතුවෙන් දින පහකට ආසන්න කාලයක් වසා දමා තිබූ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය අද (02) උදෑසන 6,00 සිට සියලු වාහන සඳහා මාර්ගය විවෘත කිරීමට කටයුතු කර තිබේ.
ඊයේ (01) සවස 5.00 සිට බර වාහනය ගමනාගමන කටයුතු සඳහා මාර්ගය විවෘත කළත් ඇති විය හැකි අවදානම සලකා බලා එම විවෘත කළ කාල සීමාව පැයකට පමණක් සීමා කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ එල්.ජේ.එස්. අබේනායක සඳහන් කළේය.
මේ වනවිට ගමනා ගමන කටයුතු මෙම ප්‍රවේශ මාර්ගය ඔස්සේ සිදුවෙමින් ඇත.







