වී ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහො සහනාධාරයක් ලබා දීම සඳහා බාධාවකින් තොරව කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ අද (03) ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත.
“අද පෙරවරුවේ ජනාධිපතිතුමා කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් ප්‍රගති සමාලෝචනයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට ගියා. අවශ්‍ය තොරතුරු ග්‍රහණය කර ගැනීමට ඉඩ සලසමින් ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා QR කේතයක් ක්‍රියාත්මක කරන ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නා. එය සිදු වූ පසු අදාළ මුදල බැංකු පද්ධතියක් හරහා නිදහස් කරන වැඩ පිළිවෙළ සකස් කරනවා.” ලේකම්වරයා පැවසීය.
ඒ නිසා පොහොර සහනාධාරය ලබාදීමට බාධාවක් නැති බව ලේකම් වරයා පැවසීය.







