පොදු ජන පෙරමුණේ ආරක්ෂකයා ලෙස පත් කරගත් රනිල් වික්‍රමසිංහ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් දඩයම් කරගත් බවත් ද්විත්ව පුරවැසි භාවය සහිත පුද්ගලයින්ගේ පාර්ලිමේන්තු නියෝජනය අහෝසි කරමින් ගෙනා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොහොට්ටුවේ ප්‍රධානියා ඉවත් කර පොහොට්ටුවත් කොටස් දෙකකට බිඳ හෙලා අභ්‍යන්තර අර්බුදය ඉතා සර්ථකව වැඩි දියුණු කරමින් සිටින බවත් නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසයි.
“පොහොට්ටුවේ ආරක්ෂකයා පහර පිට පහර දෙමින් පොහොට්ටුව කුඩුපට්ටම් කරනවා…“ ඔහු පැවසුවේය එසේය.
ඊයේ නුවර දී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාක දී මාධ්‍යවේදීන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ නියත වශයෙන්ම පොහොට්ටුවෙන් බිඳී මන්ත්‍රීවරුන් 25කට වැඩි පිරිසක් රනිල් වික්‍රමසිංහ සමග ඉදිරියේ දී එකතුවන බවය.
මේ වනවිට තමන් ස්වාධීන වීම සම්බන්ධව චෝදනා කළ පොහොට්ටුවේ ප්‍රධානීන් කළ යුත්තේ ඉදිරියේ දී පොහොට්ටුවෙන් කැඩී රනිල් වික්‍රමසිංහ ශක්තිමත් කිරීමට එන විශාල කණ්ඩායම වළක්වා ගැනීමට කටයුතු කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.