ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා එහි හිමිකාරිත්වය තහවුරු කරගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට අදාළ ගෙවීම් මේ වනවිට ඔහු අවසන් කර ඇති බවය.
පසුගිය අප්‍රේල් මාසයේදී Elon Musk විසින් ට්ව්ටර් සමාගම ඩොලර් බිලියන 44කට මිලදී ගැනීමට එකඟ වූයේය.
පසුව එහි කොටස් සම්පුර්ණ කිරීමට නොහැකිවීම සහ විවිධ බලපෑම් හමුවේ එය ප්‍රමාද වී තිබුණි.
කෙසේවෙතත් මේ වනවිට ඔහු බහුතර කොටස් මිලදී ගනිමින් එම ගනුදෙනුව අවසන් කර තිබේ.
එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු Elon Musk විසින් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.