ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක ආපසු හරවා යවා තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම පියවර ගෙන ඇත්තේ ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකටම අදාලව ගුවන් ගමන් තහනම් කිරීම් ධිකරණ මගින් පනවා,තිබීම හේතුවෙනි.
එම තොරතුරු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය මගින් තහවුරු වී ඇත.
ඒ අනුව ගුවන් ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ දී රන්ජන් රාමනායක , ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .
රන්ජන් රාමනායක පළමුවෙන්ම කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා ගමන් කිරීමට සැළසුම් කර තිබුණි .







