ලලිත් චාමින්ද
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු ඇතුළු නාගරික මන්ත්‍රිවරු 07 දෙනෙකු මෙවර ගාල්ල මහනගර සභාව සඳහා එක්සත් මහජන පක්ෂයෙන් නාම යෝජනා භාර දි ඇත.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරුන් වන එම්.එස්.ඒ රත්නපාල, සුසන්ත කරුණාරත්න, පාලිත බමුණුකුල, සුගත් ද සිල්වා, නිහාල්මහවිතාන, එම්.ඊයාස්, යන මන්ත්‍රිවරු හා මාලා මංගලිකා මන්ත්‍රිවරිය එක්සත් මහජන පක්ෂයෙන් නාම යෝජනා භාර දී ඇත..
ගාල්ල මහනගර සභාව සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රිවරු 13 දෙනෙකු තේරි පත් වුහ. එම මන්ත්‍රිවරු අතුරින් කැළුම සෙනෙවිරත්න හා පරාක්‍රම දහනායක මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වි නොමැති අතර චන්දනලාල් මන්ත්‍රිවරයා සමගිජන බලවේගයෙන් සහ ශ්‍රියාණි අබේගුණසේකර සහ නදීකා මන්ත්‍රිවරියන් ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් තරග වදිති.
මෙවර ගාල්ල මහනගර සභාව සදහා පිළිගත් දේශපාලන පක්ෂ විසින් නාම යෝජනා පත්‍ර 11ක් භාර දි තිබුණි.







