එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයක් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවත් පොහොට්ටුව නොමැති වුවද විශාල දේශපාලන කඳවුරක් ජනාධිපතිවරයා වටා ඇති බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඉඟි කළේය.
එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට සහය පලවිම පිළිබඳ ගැටලුවක් නොමැති බවය. මේ වනවිට නිර්මාණය වන නව සන්ධානයට අදාල දේශපාලන පක්ෂ සමග මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග හෙළි කළේය.
සඳුදා (12) ජනාධිපතිවරයාගේ රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ගෙන ඇති ස්ථාවරය පිළිබඳව විමසීමේ දී එක්සත් ජාතික පක්ෂය අදහස් පළ කළේ ජනාධිපතිවරයාට සහාය දක්වන දේශපාලන කඳවුරු රැසක් තිබෙන බවය.
“ස්ථාවරභාවය ඇති කරන්න නම් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර පහක් දහය ජනාධිපති ධුරයේ සිටිය යුතුයි. මේ වැඩපිළිවෙළ අපි ඉදිරියට ගෙනියන්න ඕන. ආණ්ඩුවට සහය දෙන දේශපාලන පක්ෂ රාශියක් තිබෙනවා. ඒ කණ්ඩායම් එකතු වුණාම මැතිවරණයට මුහුණ දෙන්න පුළුවන් සන්ධානයක් ලෙස,” ඔහු වැඩිදුරටත් පැවසීය








UNP's present foundation is SLPP. Ruwan, don't forget the past. Ranil should be solely accountable for UNP's deterioration. Hence, co-operate with SLPP, responsibly !