ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් එම තනතුරින් ඉවත් කිරීමට එම පෙරමුණ තීරණය කර ඇත
පක්ෂයේ විනය නීති කඩකරමින් ඔහු කටයුතු කළ නිසා මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
මහාචාර්ය ජීඑල් පීරිස් එම තනතුරින් ඉවත් කීරීමට තීරණය කිරීමත් සමග සභාපති ධූරයට අදාල කිසිදු වැඩ කටයුත්තක් ඔහුට පැවරීමෙන් වැළකී සිටි බව එම ප්‍රකාශයකයා කීය.
ජීඑල් පීරිස් එම තනතුරින් ඉවත් කිරීමත් සමග සභාපති ධූරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තොරාගත යුතු බවට යෝජනා වී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මහින්ද රාජපක්ෂගේ සභාපතීත්වය යටතේ ක්‍රියාවට නන්වන වැඩපිළිවෙළ මේ නවවිටත් සකස් කර ඇති බව පැවසූ එම ප්‍රකාශකයා ඒ යටතේ පොදුජන පෙරමුණ හැරගොස් සිටින මන්ත්‍රීවරු කීප දෙනෙක් නැවත පක්ෂයට එක් කරගැනීමට ද සැලසුම් කර ඇති බව අනාවරණය කළේය.







